• Mon. Jan 30th, 2023

sf3

“නැවත මේ රටේ යුද්ධයක් ඇතිවන්නේ නැහැ.පැවති අදුරු යුගය නිමා කර නව යුගයක් උදාකරදෙන ලෙස මා ජයශ්‍රීමහා බෝධීන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ ප්‍රාර්ථනාව අද ඉටු වී තිබෙනවා” යැයි  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ පෙරේදා (22දා) සවස ඓතිහාසික ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි.

“අපි මේ වන විට අලුත් ගමනක් යනවා. ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, රජයත් මේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකරනවා. පසුගිය කාලය පුරාවට යුද ජයග්‍රහණය පිළිබදව පුරසාරම් දෙඩු කිසිවෙකු ජාතීන් අතර සංහිදියාව සුහදත්වය වර්ධනය කිරීමට කටයුතු කරේ නැහැ.ආගම් අතර සුහදත්වය වර්ධනය කල යුතුයි. ජනතාව අතර සමගිය සමාදානය ඇති කල යුතුයි. සැක සංකා දුරලිය යුතුයි. විශේෂයෙන් සදහන් කල යුතුයි නැවත මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නැහැ , ඇති වන්නට දෙන්නෙත් නැහැ. මේ මෘතෘ භූමිය නව රජය ඇතුලු සියලුදෙනා එක්වී දිවි හිමියෙන් ආරක්ෂා කරනව” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇති බවට වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *