• Tue. Feb 7th, 2023

මහේල ඇමරිකාවට යයිද.?

maiya

ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාමගිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරගාවලියට මහේල ජයවර්ධනට ආරාධනා ලැබී ඇතත් ඔහු ඊට සහභාගිවේවි ද යන්න පිළිබදව මේවන විට කසුකුසුවක් ඇතිව තිබේ.

කෙසේවුවද ලැබෙන ආරංචි අනුව ඔහු ඊට ස්ථිරවම සහභාගිවනු ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරිදි පන්දුවාර විස්සයි – 20 තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන අතර ඊට තරග 15ක් ඇතුළත්වනු ඇතැයි පැවසේ.

අදාල තරගාවලිය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ බවත්, දැනට නැට්වෙස්ට් කුසලානය වෙනුවෙන් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු ඉන් පසුව කැරීබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටී.

එය වසර තුනහමාරක කාලයක් ඇමරිකාවේ ප්‍රධාන නගර වන ලොස්ඇන්ජලිස්, චිකාගෝ හා නිවුයෝක් යන නගරවල පැවැත් වේ.

ශේන් වෝන් හා සචින් ටෙන්ඩුල්කාර්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියේ තරග සදහා එක්වන ප්‍රවීන ක්‍රීඩකයක්ට එක් තරගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 25,000ක් ගෙවීමට සැලැසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාල තරගාවලියට මේවන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයන් 28 දෙනෙකු සිය එකගතාවය පල කර ඇති බව වාර්තා වේ.

ඒ අතර, රිකී පොන්ටින්, ජැක් කලිස්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ගෙලෙන් මැක්ග්‍රාත්, ඇන්ඩෲ ෆිලින්ටොෆ් වැනි අය සිටින බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *