පසුගිය කාලයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මාලු ටැංකියක් ගැන මාධ්‍ය මගින් විවිධ වාර්තා පළ වුනා.මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මෙවර පුවත්පතකට මාධ්‍ය සාකච්ඡාවක් දෙමින් හෙළිදරව්කොට තිබෙනවා.මේ ඒ පිළිබඳවයි…
ප්‍ර : මෝරුන් වැනි විශාල මසුන් ඇතිකළ බවට ඔබට චෝදනාවක් තිබෙනවා නේද.?
“බොහෝ නිවෙස්වල සුරතලයට මසුන් ඇතිකරනවා.සුරතල් මසුන් ඇති ටැංකියක සහ මෝරුන් සිටින ටැංකියක ඇති වෙනස කුමක්ද..? නිවෙස්වල කුරුල්ලන් ඇති කරන්නේ නැද්ද..?
ඇයි මෙවැනි දේවල් පිළිබඳ අපට පමණක් ඇඟිල්ල දිගු කරන්නේ..?
*සුවිශේෂි කුරුල්ලන් ඇති කිරීමට රජයේ සේවකයෙකු ලෙස ඔබ ලද වැටුප ප්‍රමාණවත්ද..?
“සුවිශේෂි කුරුලු වර්ග මා සතුව නැහැ.රජයේ සේවකයෙකුට මාලු ටැංකියක්වත් තබා ගත නොහැකිද..? (සිනසෙයි )
එකී වකවානුවේ මා ලද එකම ශාන්තිය එය පමණයි.මේ සියල්ල සිදුවූ ආකාරය ගැන පැවසීමට මට අවස්ථාවක් දෙන්න.
දිනක් මා හමුවූ එක්තරා පුද්ගලයෙක් මට එලෙස පැවසුවා..
‘සර් ඔබ හැමවෙලේම ගත කරන්නේ නිවසේ නැතිනම් කාර්යාලයෙන් විනා බැහැරට යන්නේ නැහැ.නිවසේ මාලු ටැංකියක් තබා ගැනීම සිත සන්සුන් කරගැනීමට කදිම මාර්ගයක්.එමඟින් ඔබේ ආතතිය අවම කරගත හැකියි’ කියලා.