• Thu. Feb 2nd, 2023

සෑබෑ බුදු දහමේ සහ වර්තමාන සිංහල බුද්ධාගමේ වෙනස

 

buddist1
වර්තමානයේ ලංකාවේ ඇති සිංහල බුද්ධාගම සහ හින්දු ආගමේ වෙනසක් සොයා ගත නොහැකි තරම්ය. සරලව කියනවා නම් එය පැහැදිලිවම භික්ෂූන් ලාභ උපයන ව්‍යාපාරයකි. බුදුන් සියලු මිනිසුන් එකම ජාතියක් සේ සමානව සැලකුවද, වර්තමාන සිංහල බුද්ධාගම ජාතිවාදය, කුලවාදය පදනම් කරගත් බුදුන්ගේ සැබෑ දහමට පටහැනි සමාජයේ යහපැවැත්මට අහිතකර විෂබීජයකි. බුදුන්ගේ දහම විකෘති කරමින් ජාතිවාදය සහ මිත්‍යාව වපුරන මෙම කහ රෙදි ඇඳගත් පිරිසට බුදුන්ගේ සාසනයේ සංඝයා යැයි සිතමින් ගෞරවයෙන් ඇමතීම බුදු දහමට කරන නිගාවකි.

ඇත්තටම වර්තමානයේ ඇත්තේ පන්සල් නොව පන්සල් කඩය. මෙම කඩවල මිනිසුන් රවටමින් වෙළඳාමේ නිරතවන්නේ භික්ෂූන් නොව කහ රෙදි මුදලාලිලා ය. මෙම කහ රෙදි මුදලාලිලා ඔවුනොවුන්ගේ දක්ෂතා, හැකියා අනුව තමන්ගේ කඩය වැඩියෙන් ලාභ උපයන ස්ථානයක් කිරීමට විවිධ සන්දර්ශන පවත්වයි. වඩාත් සාර්ථකව රැවටීම කළ හැකි කහරෙදි මුදලාලිලා ප්‍රධාන දහරාවේ පන්සල් කඩ වලින් වෙන්ව අසපු යනු වෙන් ඔවුන් විසින්ම නම්කර ගන්නා සුපර් මාකට් පිහිටුවා ගනී. මෙම සුපර් මාකට් ගැන ගුණ වැයීමට මිනිසුන් රවටා ගන්නා මුදලින් වැටුප් ගෙවමින් ගොට්ටන් පිරිසක් නඩත්තු කරයි. මෙම ගොට්ටන් විසින් මෙම සුපර් මාකට් වලින් වන සේවය ගැන විවිධ බොරු කථා සමාජයේ ප්‍රචාරය කරමින් මහමෙව්නා, මහාමේඝ යන නම් වලින් ඇති විවිධ අසපු වෙත ලෙහෙසින්යෙන්ම රැවටෙන ලාංකිකයන් ආකර්ෂණය කරගනිමින් සිටීයි.
මහා පරිමාන පිච්චමල් පූජා, නෙළුම්මල් පුජා වලින් නොනැවතී පළතුරු පූජා වැනි විකාර දේ මෙම කහ රෙදි මුදලාලිලා විසින් සිදු කරත් මේවාට රැවටෙන මිනිසුන් සිටීම සැබැවින්ම කණගාටු දායක කරුණකි. මේ මොහොතේ ලාංකික සමාජය තුල ඇති බරපතලම ගැටලුව නම් මෙම කහරෙදි මුදලාලිලා අසරණ මිනිසුන් මහා පරිමාණයෙන් රැවටුවද ඒ ගැන වගේවගක් නැතිව ඉන්නා බුද්ධිමතුන්ගේ නිහඩතාවය යි. බොහෝ බුද්ධිමත් ලාංකිකයන් පවසන්නේ අපි ඔය මෝඩ වැඩ නොකරන බවයි, බුදු දහම හරියට තේරුම් ගත් අය එසේ නොකරන බවයි. එහෙත් එම අසරණයන්ට මේ කහ රෙදි මුදලාලිලාගේ රැවටීම තේරුම් කර දීම ඔවුන්ගේ සමාජ වගකීමක් බව බොහෝ ශ්‍රී ලාංකික බුද්ධිමතුන් අමතක කරයි. කහ රෙදි මුදලාලිලා වපුරන ජාතිවාදයෙන් සහ මිත්‍යා අන්දකාරයෙන් වැසී ඇති වර්තමාන සමාජයට වල්පොළ රාහුල හිමි වැනි දුර්ලභ ගනයේ බුද්ධිමතෙකුගේ අඩුව තදින්ම දැනේ. මෙවැනි තත්ත්වයක් තුල ජාතිවාදය සහ මිත්‍යාව එක ලෙස පතුරන පළතුරු පුජා පවත්වන සූපර් මාකට් කහ රෙදි මුදලාලිලා ගෙන් මේ සමාජය මුදවා ගැනීමට ‘සත්‍යෝදය‘ පොත හැකි පමණ ලාංකිකයන් අතර බෙදා දීම අප කාගේත් වගකීමකි. එමෙන්ම මිත්‍යාවට එරෙහිව නිපදවා ඇති ‘Pk’ වැනි චිත්‍රපට ලාංකිකයන්ට නැරඹීමට සැලැස්විය යුතුය. ‘Pk’ චිත්‍රපටයේ සියලු ආගම්වල මිත්‍යා සංකේතවත් කිරීමට යොදා ගෙන ඇති තට්ට ය සහිත තපස් තුමාගෙන් ලංකාවේ පළතුරු පූජා, පහන් පූජා, බුද්ධ පූජා පවත්මින් මිත්‍යව සමාජගත කරන සහ ජාතිවාදය පතුරවන කහරෙදි මුදලාලිලා දැක ගත හැක. Pk චිත්‍රපටියේ තපස්තුමා මෙන්ම ලාංකික අසපු, පන්සල් කඩ වලද මිනිසුන්ගේ ‘භය‘ දඩමීමා කරගෙන අපායට භය කර තමන්ට අවශ්‍ය මිත්‍යා පතුරවමින් සැපවත් ජීවිත ගත කරයි. ජාතිවාදය ද මෙම කහ රෙදි මුදලාලිලාගේ පැවැත්මයි. ‘Pk’ යනු ලංකාවේ සිංහල බුද්ධාගමේ ඇති රැවටීම කියා දීමට නිර්මාණය කළ චිත්‍රපටියක් යැයි මට සිතේ. ‘Pk’ චිත්‍රපටිය නරඹන සෑම විමට එහි තපස් තුමාගේ ක්‍රියා මට පෙනෙන්නේ කිරිබත්ගොඩ ඤාණසාර නම් චීවරදාරියාගේ ක්‍රියා ලෙසම ය. ලාංකාවේ අනෙත් භික්ෂූන් ද මීට දෙවැනි නොවේ.

පහත දැක්වෙන්නේ ‘සත්‍යෝදය‘ පොතෙන් උපුටා ගත් කොටසකි.

“වර්තමානයේ විවිධ පින් ලැබෙන බව, පවසමින්, ශ්‍රද්ධාව වැඩිවන බව පවසමින් විවිධ විකාර පූජා පවත්වන, මිනිසුන් රටවන භික්ෂූන් ගැන මේ හරයා තේරුම් ගත හැක.
විවිධ පුදපූජා පවත්වාගෙන එන්නේ ලාභ ප්‍රයෝජන නිසයි. ශාස්තෘවරුන්ගේ අභාවයෙන් පසු පූජකයෝ ඒ ඒ ආගම් ස්වකීය ජීවිකාවෘත්තියට පෙරළා ගත්හ. ධර්මය ‘කණ්ඩ සූත්‍රය‘ කරගත්හ. ඒනිසා නොඑක් පුදපූජා පිළියෙළ කරගන්නටත් ඒවායේ ආනිසංස වර්ණනාකරන්නටත් පටන් ගත්හ. එයම නිර්වාණ මාර්ගය බැව් පෙනෙන්නට පොත්පත් ලියුහ. ඒ පොත්පත්වලින් සත්‍යය වසනු ලැබීය. ගැනීමට කළහැකි සෑම ප්‍රයෝගයක්ම කළහ. එක්තරා දුප්පත් මෝඩ බෞද්ධයෙක්, අනෙක් ජාතියේ උසස්ව උපදින බලාපොරොත්තුවෙන්, පන්සලේ හාමුදුරුවන්ගේ අවවාදය පිට, බුද්ධ ප්‍රතිමාවට නොඑක් දේ පූජා කළේය. අන්තයට ඒ හාමුදුරුවෝ මෙසේ කීහ. උපාසක උන්නැහේ, සියල්ලම පූජා කළත් මොකටද? උපාසක උන්නැහේගේ ඔළුවේ කෙස් නැහැ. ලබන ජාතියේ තට්ටය ඇතිව උපන්නොත් අනෙක් සේරම ලැබුණත් මොටද? එනිසා හොඳට කෙස් ලැබෙන්න හිතා ගෙන හොඳ කිතුල්රෑනක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මෝඩ උපාසකයා කිතුල් රෑන පූජා කළේය. හාමුදුරුවෝ පන්සල වත්තේ වැට බැඳවීමට කිතුල් රෑන පාවිච්චි කළහ. සිනාසෙන්නට එපා. මෙය ඇත්තකි. ආගම ධර්මය ලාභ ප්‍රයෝජන ගැනීමට උපායක් කරගෙන තිබේ. එනිසා මේ පුජාවල් පරම්පරාගතව පවත්වාගෙන එති. ඉතින් යමෙක් ධර්මානුකූලව මේවා එළි කොට සත්‍යය පහදා දෙයි නම්, ඔහුට විරුද්ධකම් පැන නැගීම පුදුමයක්ද?

ඔබ බෞද්ධයෙක් නම් වල්පොළ රාහුල හිමිගේ ‘සත්‍යෝදය‘ පොත අදම කියවන්න.

පන්සල් වල වගේම කතෝලික සිද්ධස්ථාන වලත් මේ සිද්ධිය වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ ගැන ලිපිය බලාපොරොත්තු වන්න.

 

(Niyama Bawddaya)

2 thoughts on “සෑබෑ බුදු දහමේ සහ වර්තමාන සිංහල බුද්ධාගමේ වෙනස”
  1. Ane palayaw paahara ballo yanna.thopi wage Harak aththata.sarawaagamika poottuwa kiyala thambinge passa lewa kanna hadanne.mee haraka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *