යාපනයේ පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන කණගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට කළ ප්රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය මෙරට කාන්තාවන්ගෙන් ප්රසිද්ධියේ සමාව ගත යුතු යැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (25) කොළඹ අරලියගහ මන්දිරයේදී සමාජ වෙබ් අඩවි ක්රියාකරුවන් හමුවූ අවස්ථාවේ කීවේය.
කිනම් ජාතියකට හෝ ආගමකට අයිති වුවත් සියලු දෙනා මේ සිද්ධිය ගැන කණගාටුව පළ කරද්දී හිටපු ජනපති තමා නායකත්වයේ නොසිටි නිසා මෙබඳු තත්ත්වයක් ඇතිවී ඇතැයි කළ ප්රකාශය සම්බන්ධයෙන් විස්තර කළ අගමැතිවරයා රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්රාදේශීය සභා සභාපතිවරුන්ට අවසර දුන් මහින්ද රාජපක්ෂ උතුරේ සිද්ධිය අල්ලාගෙන දේශපාලනය කරමින් ඔක්සිජන් ලබාගැනීමට උත්සාහ කරන්නේ යැයි වික්රමසිංහ මහතා චෝදනා කළේය.