දැනට රෝගාතුරුව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රෝහල වෙත ගියේය.
උන්වහන්සේගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ප්‍රතිකාර කටයතු පිළිබදවද සොයා බැලීය.
මීට පෙරද උන්වහන්සේ රෝගාතුරුවූ අවස්ථා කිහිපයකම ජනාධිපතිතුමා පෞද්ගලිකවම උන්වහන්සේ පිළිබද සොයා බැලීමට කටයුතු කළ අතර උන්වහන්සේගේ අවශ්‍යතා නොඅඩුව සපුරාදීමට ද පියවර ගත්තේය.
(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)