සිරස රූපවාහිනී ආයතනයට බෝම්බ ගසා එය ගිනි බත් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව නි.ඇමැති රංජන් රාමනායක පවනවා.ඔහු මේ බව සන්දන් කළේ, පසුගියදා පැවැති සටන රූපවාහිනි වැඩසටහනට එක්වෙමින්.එහිදි අදාළ ආයතනයේ මාධ්‍යවේදීන්ගේ දැඩි බාධා කිරීම් හමුවේද ඔහු අවධාරණය කර සිටියේ තමාට සාක්ෂි ඇති බැවින් මෙම අපරාධය සිදුකළේ ගෝඨාභය රාජපක්ෂම බවයි.
ඒ සදහා ඔහු හේතුන් සදහන් කළ අතර වැඩිදුරටත් සදහන් කර සිටියේ ක්ලේමෝ බෝම්බ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට හෝ සාමාන්‍ය සිවිල් චණ්ඩියෙකුට හෝ වම්බොට්ටාට, වෙලේ සුදාට, ජූලම්පිටියේ අමරේට ලබාගැනීමට නොහැකි බවත් ඒ සදහා බලය ඇත්තේ ආරක්ෂක අංශයක උසස් නිලයක් දරණ ආරක්ෂක ලේකම්වරයෙකු වැනි කෙනෙකුට බවත් එය ගෝඨාභය රාජපක්ෂට නම් පහසුවෙන් කළ හැකි බවත්ය.ඒ අනුව මෙම පහරදිම හා බෝම්බ ප්‍රහාරය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවක් බවද සදහන් කොට සිටියේය.