– සෞඛ්‍ය ශ්‍රේණි 27ක 40.000ක් සේවකයන්ට රුපියල් 1000ක දීමනාවක්
සෞඛ්‍ය ශ්‍රේණි 27කට අයත් සේවයකන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක අද එකගත්වය පළ කළේ ය.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න. අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් සහ වෘත්තීය සමිති 22ක නියෝජිතයන් සමග අමාත්‍යාශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.
මේ යටතේ දීමනාව හිමි වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 4.000කට අධික ය.
මාසිකව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 40ක අතිරේක මුදල් වැය කිරීමට ආණ්ඩුවට සිදු වන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් මිලියන 480කට අධිකය.