හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පැමිණීමේ අරමුණ, විවිධ චෝදනාවට ලක්ව ඇති පුද්ගලයින් ආරක්ෂා කරගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත. ඊයේ (25) පස්වරුවේ අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවති සම්මන්ත්රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටි බවට වාර්තාවේ.
දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවට වාර්තාවේ.