පසුගිය රජය සමයේ විල්පත්තු සහ මන්නාරම් වන රක්ෂිත ආශ්‍රිතව අවතැන්වූවන් පදිංචි කරවීමට ගත් තීරණය අනුමත කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළා.ඒ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්ෂණ සංගමයේ ප්‍රකාශයක් වන වාරණ සඟරාවේ 25 වන කලාපය ජනාධිපතිවරයා වෙත ඊයේ (25) පිළිගැන්වූ අවස්ථාවේදී.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රථමවරට සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් ද හමුවුණා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ එහිදී දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සහ පරිපාලන ගැටළු පිළිබදව අවධානය යොමු වූ බවයි.