රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයින් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වුණා.
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය, තැන්නේ ඥානානන්ද හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ 04 නමක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවසූවේ.
ඉකුත් මස 29 වැනිදා පැවැත්වු පා ගමනක දී පොදු දේපළවලට හානි සිදුකිරීම උන්වහන්සේට එරෙහි චෝදනා වේ.
කෙසේවෙතත් අදාල චෝදනා පිළිගත නොහැකි බව පවසන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විමසා සිටින්නේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදීම අපරාධයක් වන්නේ කෙසේදැයි වත්මන් යහපාලන ආණ්ඩුවෙන් විමසා සිටින බවයි.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිරිපිට, කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට සහ රජරට විශ්ව විද්‍යාලය ඉදිරිපිට අදාල උද්ඝෝෂණ පැවති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.