හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම පිණිස මධ්‍යම පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට කලින් කතිකාකරගත් මන්ත්‍රීවරු හදිසියේම නොපැමිණීම නිසා අදාළ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීමට සංවිධායකයන්ට සිදුවී තිබෙනවා.
මහනුවර රෝයල් මෝල් හෝටලයේ දී ඊයේ (26) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතව තිබූ මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටියේ මන්ත්‍රීවරු 07දෙනකු පමණි. මන්ත්‍රීවරු 15 දෙනකු මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ වන බවට පොරොන්දුවී සිට පසුව මගහැරගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.
අදාළ රැස්වීමට පැමිණි මන්ත්‍රීවරු නොපැමිණි මන්ත්‍රීවරුන්ට ජංගම දුරකතන මගින් ඇමතුම් ගන්නට උත්සහ කළත් ඔවුන් ඒවනවිටත් තම ජංගම දුරකතන විසන්ධි කැර තිබීම හේතුවෙන් පැමිණි මන්ත්‍රීවරු තවතවත් අසරණ වූ බවයි වාර්තා වුණේ.
අනතුරුව පැමිණ සිටි මන්ත්‍රී පිරිස මධ්‍යම පළාත් සභාවේ වැඩකටයුතු සඳහා මධ්‍යම රජයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබෙන බව දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.