• Tue. Feb 7th, 2023

df

 

මහජන මුදල් කෝටි ගණනින් හොරකම් කළ රාජපක්ෂ පවුලට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර දඩුවම් ලබාදීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කටයුතු නොකරන බව ඉතා පැහැදිළිව තමා දන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා.ඔහු මේ බව පැවසූවේ ඊයේ (26) කුරුණෑගල නගර ශාලාවේ පැවැති “දින 100 අවසන් – රට වෙනුවෙන් නව ගමනක්” සම්මන්ත්‍රණට එක් වෙමින්.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, උදයංග වීරතුංග, නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු එම මුළු පවුලටම විරුද්ධව නීතිය ක්‍රයාත්මක කිරීමට තිබුණද එය සිදු නොවන බව අනුර දිසානායක මහතා ‍එහිදී සඳහන් කර සිටී.

දැනට දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිළි 142ක් ලැබී ඇති අතර ඉන් 92ක් අල්ලස් හෝ දූෂණ කොමිෂමට, අලුතෙන් පිහිටවන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවටත් බාරදී ඇති බව පවසන දිසානායක මහතා පෙන්වා දෙන්නේ ඒවායේ තොරතුරු හා ගන්නා ක්‍රියාමාර්ග පිලිබද තමා ඉතා සමීපව අධ්‍යනය කරන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *