හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු නීති විරෝධී ගංජා සම්බන්ධ ජාවාරමක නිරතවන බව හෙලිවෙමින් පවතිනවා. ඔහුට සම්බන්ධව සිටි සිර දඩුවම් ලැබූ පුද්ගලයකු විසින් මෙම තොරතුරු හෙලිකර ඇතැයි සඳහන්.
මෙම මන්ත්‍රීවරයා වරක් තණමල්විල ප්‍රදේශයේ අක්කර අටක පමණ ගංජා වගාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය කපා ගැනීමට සතියක් තිබියදී එය භාරව සිටි තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා. ඔහු විසින් මෙම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙලිකර නොතිබූ අතර අධිකරණය මගින් ඔහුට සිව් වසරක සිරදඩුවමක් නියම කර තිබුණා.
පසුව එම දඩුවම නිමාවීමෙන් පසු ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක ගායන තරු වැඩසටහනක් සදහා ඉදිරිපත්වූ අදාල තරුණයා ඉන් ඉදිරියට පැමිණීමට සමත්ව තිබුණා. ඔහුගේ ජීවිත කතාව පිළිබද එම වැඩසටහනට සම්බන්ධ මාධ්‍යවේදීන්ට රහසේ අදහස් දක්වමිනුයි මෙම මන්ත්‍රීවරයා සම්බන්ධ පුවත හෙලිකර තිබුණේ. එම මන්ත්‍රීවරයා මේ වන විට.අදාළ ජාවාරමේ නිරතවන බවත් මෙහිදී අනාවරණ කර තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල හා මෛත්‍රී පිල අතර සාමයක් ඇතිවිය යුතු බව පවසමින් දෙපාර්ශවයම හානියක් නොවන පරිදි මධ්‍යස්තව අදහස් දක්වමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.එමෙන්ම ඔහු හිටපු ජනපතිනියටද හානිකර නොවන අන්දමින් රැස්වීම්වලදී මේ වන විට අදහස් දක්වන බවද වාර්තාවනවා.