යාපනය පුංකුඩතිව් හී පාසල් සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් සෂිකුමාර් හෙවත් ස්විස් කුමාර්ව පුද්ගලික සම්බන්ධතා මත කයිට්ස් පොලීසිය මගින් මුදා හැරීම නිසා යාපනයේ කලබල ඇති වූ බව විශේෂ පොලිස් විමර්ශනයක් මගින් හෙළි වී තිබෙන බව වාර්තා වෙයි.
එකී විමර්ශනවලින් වාර්තාවේ දක්වා ඇති පරිදි කයිට්ස් මූලස්ථාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මෙසේ සමීප සම්බන්ධතාවයක් මත ස්විස් කුමාර් නැමැත්තා පොලිස් භාරයෙන් මුදාහැර අනෙක් සැකකරුවන් පස්දෙනා පමණක් අත්අඩංගුවට ගෙන ඇතැයි යන්නද පෙන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ස්විස් කුමාර් ඉකුත් 17 වැනිදා යාපනයේ සිට වැල්ලවත්තට පැමිණ හෝටලයක නවාතැන් ගෙන ඇත්තේ තවත් දින දෙදකින් ස්විස්ටර්ලන්තය බලා පිටත්ව යෑමේ අරමුණ ඇතිවය.
මේ වන විට ස්විස් කුමාර් පිළිබඳව තව දුරටත් හෙළි වී ඇත්තේ කයිට්ස් පොලීසියේ කොස්තාපල්වරියක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඔහු විසින් නිතර නිතර කයිට්ස් පොලිසියේ නිලධාරීන්ට සාද පවත්වමින් ඔහුන්ව සතුටු කර ඇති බවත්ය.ස්විස් කුමාර්ට එරෙහිව නීතිය නිවරැදිව ක්රියාත්මක වීමෙන් පසු යාපනයේ ජනතා කලබල යලි ඇති නොවුනු බවද වාර්තාව මගින් පෙන්වා දී ඇත.