අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ සොළොස් හැවිරිදි දියණී මලියාගේ අත ගැනීමට එළදෙනුන් 50 ක් ඇතුළු ගොවිපොළ සතුන් රැසක් ලබා දීමට කැමැති බව කෙන්යාවේ නීතිවේදියකු නයිරෝබි පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘ෆීලික්ස්’ නම් මේ නීතිවේදියා පවසා ඇත්තේ අමෙරිකා ජනාධිපති ගේ වැඩිමල් දියණිය විවාහ කරගැන්මේ සිය සිහිනය සැබෑකරගැනීම සඳහා එළදෙනුන් 50ක්, බැටළුවන් 70 ක් හා එළුවන් 30 ක් ලබා දීමට තමා සූදානම් බවය.
“මට ඇය ගැන ඇලමක් ඇතිවුණේ 2008 දි. ඒ වනවිට බැරැක් ඔබාමා පළමුවරට ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කරමින් සිටියා. එතකොට මලියාගේ වයස අවුරුදු 10 යයි. එතැන් පටන් මා කිසිම කාන්තාවක ඇසුරු කර නැහැ. ඇයට විශ්වාසවන්තව සිටින බවට මං පොරොන්දු වෙනවා. මං මගේ පවුල් අයත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. මගේ මනාලිය වෙනුවෙන් ගෙවිය යුතු මිල මුදල් ලබාදෙන්න ඔවුන් කැමැත්ත පළ කළා”යැයි නයිරෝබි පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී කිප්රෝනෝ කියා තිබෙනවා.
මේ විවාහ යෝජනාව ඔබාමාට ඉදිරිපත් කිරිමට අදහස් කර ඇති බවත් ඔබාමාගේ පියා උපන් කෙන්යාවට ලබන ජූලි මස ඔහු ප්‍රථම වතාවට පැමිණෙන විට මලියා ද රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.
ඔබාමාගේ 90 වැනි වියක පසුවන කෙන්යානු මිත්තණිය සෙසු ඥාතින් සමඟ දැනටත් බටහිර කෙන්යාවේ කොගෙලෝ හි ජිවත්වන්නීය.
“කෙන්යානු සංචාරයේදි මලියා ද රැගෙන එන ලෙස ඉල්ලා සිටින ලිපියක් මා සකසමින් සිටිනවා. තානාපති කාර්යාලය එය ඔබාමා අතට පත්කරනු ඇතැයි මා සිතනවා.මං මුදල් පසුපස හඹායන්නෙක් ලෙස සමහරු හිතනවා ඇති. ඒක සැබෑවක් නොවෙයි. මං ඇයට ඇත්තටම ආදරෙයි” කිප්රෝනෝ වැඩිදුරටත් කියා තිබේ.
තම වයස ගැන සඳහනක් කර නැති කිප්රෝනෝ දැනටමත් මේ මංගල යෝජනාව සැලසුම් කර ඇති බවත් මලියා සමග චාම් ජිවිතයක් ගත කරන අතර ඇයට සෙසු කලෙන්ජින් කාන්තාවන් මෙන් එළදෙනුන්ගෙන්කිරි දෙවිමට හා ධාන්‍ය කැඳ සෑදීමට කියාදෙන බවත් කියා තිබෙන බවත් සඳහන්.