වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය වඳ පිදී ඇති බවත්, එහෙත් ආර්ථිකය වඳ පීදෙනවා නම් ප්රජාතන්ත්රවාදයේ මල් පිපිමෙන් පලක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇති බවට වාර්තාවේ.
රටේ ආර්ථිකය මෙහෙයවන මහ බැංකුව,රේගු දෙපාර්තමේන්තුව වැනි ආයතන වලට තවමත් දේශපාලන අත පෙවීම් සිදුවීම හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් සිදුවන බව කී මන්ත්රී රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිටුපස ද දේශපාලන බලපෑම් ඇති බව හෙළි වී තිබෙන්නේ යැයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීවරයා ප්රකාශ කරනවා.
වත්මන් රජය බලයට පත් වි මාස පහකට ආසන්න කාලයක් ගත වුවත් රටේ ආර්ථික සංවර්ධනයට අදාළ කිසිම යෝජනාවක්,අණ පනතක් තවමත් සම්මත කර ගෙන නැතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇත.