හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ බිරිඳවන ශෂී වීරවංස අද (28) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීමට නියමිතව තිබුණද තමන්ට අද දින පැමිනීමට නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඇය එම කොට්ඨාසයෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට අද පෙරවරු 9ට එම පොලිස් කොට්ඨාසය වෙත පැමිණෙන ලෙසට දැනුම්දී තිබිණ.
මේ අතර කොළඹ වාණිජ මහ අධිකරණයේ විමල් වීරවංසට එරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පනවා ඇති නඩුව අද කැඳවූ අතර එහිදී විමල් වීරවංසගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ නමුත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අසනීම තත්වයන් හේතුවෙන් අදාල නඩුවට අද දින තමන්ට මුහුණ දිය නොහැකි බවයි පා.ම විමල් වීරවංස පවසා ඇත්තේ.
මෙම කරුණු අනුව ඔවුන් දෙදෙනාම අද දිනයේ බරපතල රෝගයකින් පෙළෙන්නේදැයි සැකයක් මතුව තිබේ.