ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
ජනාධිපති කාර්යාලය භාරයේ පවතින ආයතනයක් වන ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය නිරික්ෂණ කිරීම සඳහා ජනාධිපතිවරයෙකු මෙලෙස පැමිණ ඇත්තේ වසර 20 ට පමණ පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහි වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පාලක සභා සාමාජිකයින් සමඟ සුහද පිළිසදරක ද නිරතවී ඇත.
එහිදී දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පරිහරණය කළ භාණ්ඩ ඇතුළත් කෞතුකාගාරය සහ පුස්ථකාලයද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වු බව සඳහන්ය.
ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ලැබු සමරු තිළිණ සහ සිහිවටන ඒකරාශි කොට අනාගත පරපුරට දැකබලා ගැනීමට සැළැස්වීම සඳහා ජේ.ආර්.ජයවර්ධන මහතා ගනු ලැබු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.