අපට දුන් වේදනාව නාමල්ලාට දැන් තේරෙනවා ඇති යැයි හිටපු අග විනිසුරුවරියගේ පුත් ශවීන් බණ්ඩාරනායක, නාමල් රාජපක්ෂ ඔහුගේ ෆේස්බුකියේ පළකර තිබූ ෆේස්බුක් සටහනකට පිළිතුරු වශයෙන් විමසා තිබෙනවා.
පසුගිය දෙවසර තුල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු පිරිස විසින් තමන් හා තම පවුලේ සාමාජිකයින් පීඩාවට පත් කල අවස්ථාවේ තමන් ඇතුළු සිය පවුල මුහුණ දුන් මානසික පීඩනය අද නාමල් රාජපක්ෂට තේරුම් ගොස් ඇත්දැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක මහත්මියගේ පුත් වැඩිදුරටත් එහි ප්‍රශ්න කර තිබෙනවා.
ඒ තමන්ගේ මව හා සොහොයුරන් පීඩාවට පත් නොකරන්නැයි ඉල්ලමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ෆේස්බුක්හී තබන ලද සටහනට පිළිතුරු ලෙසයි.
පසුගිය සමයේ තම මව හා පියා අල්ලස් කොමිසමට ගෙන යමින් හිටපු ජනපති ඇතුලු පවුලේ සගයින් විසින් දැඩි පීඩාවට පත්කල බවයි ඔහු පෙන්වා දෙන්නේ.තම මවට එරෙහිව ගෙන ආ යෝජනාවේදී නීති විරෝධීව කටයුතු කරමින් සිදුකල ක්‍රියා මේ වන විට පලදෙමින් ඇති බවද ශවීන් බණ්ඩාරණායක සදහන් කර තිබෙනවා.ඒ අනුව හිටපු ජනපති ඇතුලු පවුලේ සාමාජිකයින්ටද අල්ලස් කොමිසම , මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුලු ආයතන වෙත යාමට සිදුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
එම සටහන පහතින්.