දේශපාලන අනාථයින් පිරිසකගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අභ්‍යන්තර අර්බුධ මතු කිරීමට යම් කිසි පිරිසක් උත්සහ ගන්නා බව ඒ එච් එම් ෆවුසි ජේෂ්ඨ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා. එම කණ්ඩායමට පැවති පාලනයෙන් තොරව පැවැත්මක් නැති බවත් ඔහු කියා සිටියා.
“දේශපාලන වශයෙන් ආනාථ වෙන බව දන්නා කිහිපදෙනෙක් කාගේ හෝ ඇඟේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන වෑයමක් තමයි මේ තියෙන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුත් රැවටිලා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකත්වය ඉල්ලනවලු. මටනම් විලිලජ්ජයි විධායක ජනාධිපතිවරයෙක් විදියට ඉඳලා අගමැති කෙනෙක් වෙන්න. හොඳයි මහින්ද මහත්තයා අගමැති වුණා කියමුකෝ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුවට එනකොට එතුමාට නැගිටලා ගෞරව කරන්න ඕනේ. මහින්ද මහත්තයා ඒකට සුදානම්ද..?
ඒ එච් එම් ෆවුසි ජේෂ්ඨ අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.