රහස් පණිවුඩයක් රැගෙන පාකිස්තානයේ සිට දේශසීමා හරහා ඉන්දියාවට පියඹා ආ පරෙවියකු අල්ලා ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.ඉන්දු පාකිස්තාන දේශසීමාව ආශ්‍රිතව ඇති පන්ජාබ් දේශසීමාවේ පතන්කෝට් ගම්මානයේදී මෙම පරෙවියා අල්ලා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ බුද්ධි අංශ මීට දින කීපයකට පෙර අනතුරු අඟවා තිබුණේ පරෙවියන් යොදා ගනිමින් පැරැණි ක්‍රමයට රහස් පණිවුඩ හුවමාරුව සිදුවන බවට ආරංචි ඇති බවයි.
එම පරවියා මුජහදීන් නම් ත්රස්තවාදීන්ගේ පණිවුඩ කරුවකු බවත්,පරෙවියාගේ කකුළක රහස් පණිවුඩයක් සහිත කොළ කැබැල්ලක් ගැට ගසා තිබුණු බවත් ඉන්දියානු ආරක්ෂක අංශ සඳහන් කළා.
පරවියා රැගෙන ආ පණිවුඩයේ තිබුණේ දුරකතන අංකයක් සහ කෙටි පණ්වුඩයකික් බවත්, එය උර්දු බසින් සටහන් කර තිබු බවත් වැඩිදුරටත් ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.