• Sat. Jan 28th, 2023

පවිත්‍රා ඇමැතිකමෙන් අස්වූ හේතුව මෙන්න.

pawithra

 

පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය ඇමති ධූරයෙන් ඉල්ල අස් වූයේ ඇය විසින් පවත්වාගෙන ගිය නීති විරෝධී මහා පරිමාණ මැණික් පතල් කිපයක් වැටලීම නිසා බව අනාවරණය වීන්තිබෙනවා. මෙම මැණික් පතල් රත්නපුරය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇති අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කුරුවිට හමුදා කඳවුරේ සෙබලුන්ගේ සහායද ලබා ගෙන පොලිසිය සමග එක්ව වැටලීම් කර ඇත. එහිදී 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන රුපියල් 5000 බැගින් දඩ නියම කර මුදාහැර තිබෙනවා.

නමුත් පතල් හෑරීමට යොදා ගත් බැකෝ යන්ත්‍ර සහ මැණික් ගැරීමේ යන්ත්‍ර නඩු භාණ්ඩ වශයෙන් තබාගෙන ඇත. එම භාණ්ඩ නිදහස් කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරය දරමින් සිටී පවිත්‍රා වන්නිආරච්චි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට බලපෑම් කර ඇත. මෙම බලපෑම පිළිබඳව එම අධිකාරියේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර නීතියට අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා පෙරළා උපදෙස් දී ඇත.

මේ නිසා උරණ වූ පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ බව මේ වනවිට තහවුරු වී තිබේ. කාලයක පටන් මෙම ඇමතිවරිය තවත් ප්‍රභූ කාන්තාවක්ද සම්බන්ධ කරගනිමින් නීති විරෝධී මැණික් ජාවාරම කරගෙන ගොස් ඇත. ඇමති ධූරයෙන් ඉවත් වීමෙන් පසු නැවත වරක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඔහුව අගමැති කරවා මිස පස්ස නොබලන බවද ඒ සම්බන්ධයෙන් තම නිවස නැවත වරක් ඔට්ටුවට තැබීමට සූදානම් බව පසුගියදා වහසි බස් දෙඩුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *