දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කොට , ජනතාවට වග කියන මන්ත්‍රීවරයෙක් ඇති කිරීමේ කේවල හා සමානුපාතික මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් තුළින් ඉදිරි පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවේවි යන බියෙන් එජාපය විසින් මැතිවරණ ඉතිහාසයේ ජනතාව උගස්කොට ලොකුම කුට්ටිය ලබා ගන්නට සමත් පා සිටින මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් මූලික කොටගත්, අලි මෙහෙයුමක් අරඹා ඇතැයි “අපේ රට” වෙබ් අඩවිය ඉතා වගකීමෙන් කියා සිටිනවා.
මුලින්ම ඡන්ද කොළ දෙකක කථාවක් ගෙනවිත් එය කඩාකප්පල් කිරීමට උත්සහ කළ මොවුන් දැන් දැන් වෙන වෙන විවිධ ප්‍රශ්න අදිමින් මෙය කඩාකප්පල් කිරීමේ නිර්ලජ්ජිත උත්සහයක නිරත වී සිටින බවටයි අපට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.
මේ අතර 20 වන සංශෝධනය පිළිබඳව ඊයේ ජනපති ප්‍රධානත්වයෙන් තිබූ සාකච්ඡාවකදී අමාත්‍යය පාඨලී චම්පික හා අමාත්‍යය රාවුෆ් හකීම් අතර විශාල වචන හුවමාරුවක්ද ඇතිවි තිබෙනවා.
අප ඉතා වගකීමෙන් කියා සිටින්නේ විශාල සමාජ පරිවර්තනීය වෙනසක් සිදුවීමට නියමිතව ඇති 20 වන සංශෝධනය හරහා එම සමාජ වගකීම කඩාකප්පල් කිරීමට නායකත්වය හා ආධාර අනුබල සපයන කවරෙකු හෝ වේවා ඔවුනට විරුද්ධව ජාතිමාමක සියලු බලවේග පෙළගස්වා ඔවුන්ව අනිවාර්යයෙන්ම දේශපාලන පොරපොටියෙන් සදාකාලිකවම ගෙදර යවන බව අප ස්ථීරසාරවම ප්‍රකාශ කර සිටිනවා.