මැතිවරණයට තරග කිරීමේ අරමුණ ඇතිව ප්රධාන දේශපාලන පක්ෂ දෙකේ පිල් මාරු කරන කිසිදු දේශපාලනඥයකුට එළැඹෙන මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්රමසිංහ යන මහත්වරු පොදු එකඟත්වයකට පැමිණ ඇතැයි වාර්තා වෙනවා.
රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇරඹීමේ අරමුණින් ජනාධිපති මෛත්රී සහ අගමැති රනිල් ප්රධාන පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා මෙම එකඟතාවය ඇතිකරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ප්රථම වතාවට ඒකාබද්ධ වී පිහිටුවන ලද ආණ්ඩුවෙන් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකිවූ බවත් පිල් මාරුකිරීමට ඉඩ හැරීමෙන් එම සහයෝගිතාවට හානි විය හැකි බවත් පක්ෂ දෙකෙහිම මතය වී ඇත.
මේ වනවිට ප්රධාන පක්ෂ දෙකෙහි දේශපාලනඥයන් රැසක් පිල් මාරු කිරීමට සූදානම් වී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අය බව ආරංචි මාර්ග පවසයි.
පිල් මාරුව ගැන සැළවීමෙන් පසු පක්ෂ නායකයන් දෙදෙනා පසුගිය සතියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඊයේ රාත්රියේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගෙන තිබේ.