හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් යටතේ තිබූ මහාමාර්ග අමාත්‍යාංශය හරහා මාර්ග 28ක් ඉදිකිරීමට යැයි ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 5500න් වැයකර ඇත්තේ කෝටි 2100ක් පමණක් බව හෙළිවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
එම මුදලින් යෝජිත මාර්ග සියල්ල ඉදිකිරීමට නොහැකි වී ඇති අතර කෝටි 2800ක මුදලට සිදුවූයේ කුමක්ද යන්න ගැටලුවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, එම මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙනත් වැඩ සඳහා යොදාගෙන ඇති බවද කීවේය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර, පන්විල රාජසිංහ විද්‍යාලයේ සහ ගලහ භද්‍රාවතී මහා විද්‍යාලයේ පෙරේදා (30) පැවති හරිත භූමිඉඩම් ඔප්පු ප්‍රදානයට සහභාගී වෙමිනි.
මෙසේ මුදල් අතුරුදහන්වීම පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ කීය.
“මේ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඉකුත් සතියේ මට ලිපියක් එවා තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ දී වත්තේගම – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පොරොන්දු වුණත් මේ ආණ්ඩුව යටතේ එහි කිසිවක් කර නොමැති බව එම ලිපියේ සඳහන් කර තිබුණා. එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරම්භ කළමාර්ග සංවර්ධනය මේ ආණ්ඩුව යටතේ නවතා තිබෙන බවත්, එය සත්‍යයක් බවත් එම ලිපියේ සඳහන් කර ඇති අතර මේ ආණ්ඩුවෙන් කර තිබෙන්නේ කුමක්දැයි යන්න ද ප්‍රශ්න කර තිබුණා.
ඒ අනුව මේ මාර්ගය පිළිබඳ සිදුව ඇත්තේ කුමක්දැයි යන්න සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි අතර එම වාර්තාව දැන් මට ලැබී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස 2014 දී මාර්ග ඉදිකිරීම සඳහා එම අමාත්‍යාංශයට රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් තුන් දහසක මුදලක් වෙන්කර තිබුණා.
ඊට අමතරව මේ වත්තේගම – මාතලේ මාර්ගය සමඟ තවත් මාර්ග 27ක් ඉදිකිරීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටි 5500ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. මේ මාර්ග අතරට වත්තේගම – මාතලේ මාර්ගය සහ හසලක – හඳුන්ගමුව මාර්ගය ද ඇතුළත් වනවා.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව අයත් වන්නේ ද මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටයි. මහා මාර්ග අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වෙත ලියමින් මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා යටතේ තිබෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම මාර්ග 28 ඉදිකිරීම සඳහා මුදල් ලබා ගත්තා.
මාර්ග ඉදිකිරීම සඳහා වෙන් කර තිබුණු මේ මුදල්වලට සිදුකළේ කුමක්ද? මෙම මාර්ග 28 ඉදිකිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් කෝටි 55,00 න් කෝටි 28,00 ක් මහා මාර්ග අමාත්‍යාංශයේ වෙනත් වැඩකටයුතුවලට යොදවා තිබෙනවා. මේ මාර්ග සියල්ල ඉදිකිරීම සඳහා ඉතිරිව තිබෙන්නේ රුපියල් කෝටි 21,00ක් පමණක් වන අතර එම මුදලින් මේ මාර්ග සියල්ල ඉදිකළ නොහැකියි. වත්තේගම – මාතලේ මාර්ගයට මේ ඉරණම අත්ව තිබෙන්නේ මේ තත්ත්වය නිසයි.
මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිවරයා, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගෙන් ලබාගත් රුපියල් කෝටි 55.00න් රුපියල් කෝටි 28,00ක් වෙනත් කටයුතුවලට වියදම් කර නාස්ති කළේ ඇයිදැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දිය යුතුයි. ඔහු මේ ප්‍රශ්නයට පිළිතුරු දුන් විට ඊට ප්‍රතිඋත්තර බැඳීමට මම සූදානමින් සිටිනවා.
ඔබ වැනි ජනතාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කරන මුදල් මහා මාර්ග ඉදිකිරීමට යැයි කියා ලබාගෙන එම මාර්ග ඉදිනොකර වෙනත් වියදම් සඳහා යොදවා තිබෙනවා. එම මුදල් වියදම් කර තිබෙන්නේ කුමක් සඳ හා දැයි අප දන්නේ නැහැ. හෙලිකොප්ටර්වල යාමට හෝ දන්සැල්වලට යෙදවූවාදැයි දන්නේ නැහැ යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
(දිනමිණ)
MaRa Maha Hora…………………….MaRa Maha Hora……………………..MaRa Maha Hora!