පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ තමන්ට සිංගප්පුරූවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට සම්බන්ධවි කටයුතු කරමින්, සිංගප්පුරු රජයට සේවය කරන්නැයි ඉල්ලිමක් ලැබී තිබෙනවා යැයි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ත්‍රස්තවාදය මර්දනක්රියාවලියේදී සහ නාගරික සංවර්ධන කටයුතුවලදී තමන් දක්වන කුසලතා සැලකිල්ලට ගෙන තමන්ට මෙම ආරාධනය කර ඇති බව ඔහු වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
සිංගප්පුරුවේ ඇරයුම භාරගෙන තමන් මෙම කටයුත්තට සහභාගි වීමට කැමැත්ත පළ කර ඇතත් අධිකරණය විසින් තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය තහනමට ලක්කර ඇති බැවින් එම අවස්ථාව අහිමිවීමේ අවධානමක් ඇති බවත් ඔහු කියා සිටිනවා.
යහපාලන ආණ්ඩුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවදයට මුවා වෙමින් තමන්ට එල්ලවී ඇති සියලු චෝදනා වලින් අතසෝදා ගැනීමේ ක්‍රියාවලියක හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු රාජපක්ෂ පවුලේ අය මේ වකවානුවේ සියුම් ක්‍රියාදාමයක නිතර වන බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.
කෙසේ වෙතත් මේ කරුණු වල සත්‍ය ,අසත්‍යබව පිළිබඳව සොයා බලා විශේෂ එළිදරව්වක් කිරීමට “අපේ රට” වෙබ් අඩවිය නුදුරේදීම සූදානම්.