ඇමෙරිකාවේ ජනාධිපති බරැක් ඔබාමා නුදුරේදීම මෙරට සංචාරයකට පැමිණෙනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ව්ශ්වාසය පළකර සිටිනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මෙරට වෙනත් රාජ්‍ය නායකයෙකු අමෙරිකාවට නිල සංචාරයකට යාම සාමන්‍ය වුවත් එරට රාජ්‍ය නායකයකු මෙරටට පැමිණීම සමාන්‍ය කරුණක් නොවන බව සඳහන් කළ නි.අමාත්‍ය යහපාලනය රජය තුළ එවැන්නකට ද ඉඩ සැලසී ඇති බවද කියා සිටියා.
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් මෙවැනි රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ඒ ගමන ගැන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවය.