හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පහළම නිලධාරියාගේ සිට ඉහළ නිලධාරීන් දක්වා සියලුම අය ගල් ගසා මරා දමන බවට ප්රට රාජපක්ෂවාදීයකු වන දකුණු පළාත් ඇමති ඩී. වී. උපුල් කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
“අපි මේ ප්‍රකාශය ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඩුවමක් ලැබිය හැකියි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට මරණිය තරජන සිදුකිරීම වැනි තව කරුණු අනුව ඔහුට උපරිම දඩුවමක් ලබා දෙන්න පුළුවන්.”
Harry
හැකි උපරිම දඩුවම දෙනු !