පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්, ආර්ලිංග්ටන්, වර්ජිනියා හා වොෂිංටන් වැනි ස්ථානවලින් නිවාස හා දේපොළ මිලදී ගෙන ඇති බව පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති ඇමෙරිකා විමර්ශන නිලධාරීන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හෙළිකර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මේ ඇමෙරිකා විමර්ශන නිලධාරීන් මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා මූල්‍ය අපරාධ කොට්ඨාසය හා වෙනත් විශේෂ අංශ විසින් සිදුකරමින් සිටින විමර්ශනයන්ට සහයදීමට වන අතර පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා බලධාරීන් සමග මේ පිළිබඳ එකගතාවයකට පැමිණීමෙන් අනතුරුවයි.
අදාළ ඇමැතිවරයා ඇමෙරිකානු වෙළෙඳ ප්‍රචාරණ සමාගමක් හා එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දැමීමට වැඩසටහන් දියත් කර ඇතැයිද ඒ සඳහා ඇ.ඩො. මිලියන ගණනින් වැයකර ඇති බවත්, ඒ අතරවාරයේ ඔහු විසින් අදාළ දේපොළ මිලදීගෙන ඇති බවත් අනාවරණය වී තිබෙන්නේ.
මෙසේ එම ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දැමීමට හා ඇමෙරිකානු දේපොළ මිලදී ගැනීමට මුදල් ලබා ගත් ආකාරය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ.
තවද එම ඇමැතිවරයාගේ බිරිය නමින් ඇති පදනමකට අතිවිශාල මුදල් ප්‍රමාණයක් විදේශීය සමාගමක් විසින් බැර කිරීම පිළිබඳවද විමර්ශන ආරම්භ වී ඇත.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට මුවාවී ව්‍යාපාර සිදු කරමින් විශාල ලෙස මුදල් හම්බකිරීම පිළිබඳ ඇමෙරිකානු විමර්ශකයන් ශ්‍රී ලංකාවට දන්වා තිබේ.
ජනවාරි 08දා ජනාධිපතිවරණයෙන් පසු එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ඇතුළු ඔහුගේ සමීපතමයන් පිළිබඳ හෝඩුවාවක් සොයා ගන්නට නොහැකි වී ඇති අතර අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයාගේ සහෝදරයකු සභාපතිත්වය දැරූ පුවත්පත් සමාගමකට රජයේ මුදල් ලබාදී ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන ඇරඹී තිබේ.
All these photos from one single house. What the pleasure that you gain by spreading these type of false allegations:
https://hiddenhillsvillamls.com/