• Mon. Jan 30th, 2023

රටක නායකයෙක් සරල වීම තුළින් එකී දේශයේ සිදුවන මහා පරිවර්තනය.

my3s

අදටත් වඩා සංකීර්ණ බෙදීමි සහ බැඳීම්  තිබූ සමාජයක බිහිවුනු සරලම මිනිසා තමයි බුදුන් වහන්සේ. ඒ කාලේ හිටපු ඇතැමි ආගමික හා සමාජ කන්ඩායමි වලට උන්වහන්සේ වෙනස්ම පුද්ගලයෙක් විදිහට පෙනෙන්න එක හේතුවක් තමයි ඒ සරල බව. බුදුන් වහන්සේගේ දේශනාවන් පුරාම තියෙන්නෙත් එ සරල බවමයි.
ඒ වගේම තමයි එදා පරිසිවරුන් සහ විනයධරයන් ගේ තම බලතණ්හාව හා බල පරාක්‍රමය තබා ගැනීමට උත්සහ කරද්දී,ජේසුස් වහන්සේ තමන්ගේ සරල බව කෙතරම් ඉස්මතු කළේදයත්, සත්‍යතාවයේ ආත්මයාණෝ බවට එතුමාණන් පත් වුණා.දුකින් ,අසරණ වී සිටි බොහෝ දෙනෙකුගේ ජීවයේ ගුණය බවට පත්වීමට උන්වහන්සේට හැකිවුණා.
නබිනායක තුමාගේ ජීවිත ආදර්ශයෙන් ද මෙය වඩාත් තේරුම් ගත හැක්කේ “රාමසාන්” දින සිදුකරනු ලබන්නේද නබිනායක තුමා වදාල ලෙසම දුප්පත් අය හට ආධාර කිරීම තුළිනුයි.

අප මෙම කරුණු ඉස්මතු කරන්නට යෙදුනේ නොබෝදා අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිර ගිය ‘ශ්‍රී ලංකාවේ ජනාධිපති සපත්තු ගන්න ගිහින් තියෙන්නේ සාමාන්‍යය කඩේකට’ යනුවෙන් ඡායාරූප පෙළක් ප්‍රසිද්ධ වීම තුළින්.
එය ශ්‍රී ලාංකීය ජනසමාජයට වඩාත් පුදුමයට කාරණය වූයේ  පසුගිය කාලයේ අප වඩාත් හොඳින් දැක තිබූ දර්ශනය නම් තමන්ට සපත්තු හෝ වෙනයම් දෙයක් ගැනීමට අවශ්‍යය නම් පිටරටවල් වලින් එම ද්‍රව‍යන් අඩංගු කන්ටේනර් පිටින් ගෙනවිත් ඒවා පරික්ෂා කර බලා තමන්ට රුචි දේ තොරා ගැනීමයි.ඒ සඳහා වැයවන්නේ ජනතා මුදල් වීම ඔවුනට ප්‍රශ්නයක් වුණේ නැ.

“ලෝක සත්‍යයන් කොතරම් සරලයි ද කිව්වොත් වැඩිදෙනා ඒවා වටහා ගන්න යම්කිසි වූ සුලු උත්සහයක්වත් ගන්නේ නැහැ.ඒත් තම ජීවිත කාලය තුළ සංකීර්ණ වූත් ගුප්ත දෙයක් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා අනිත් අයව තලා පෙලා දමමින් හෝ එය සාර්ථකත්වයක් යනුවෙන් විවිධ කොටස් විවිධ ලෙස අර්ථ දක්වනවා.
“මිනිසා කොතරම් නොදැනුවත් දැයි කිව්වොත් අවස්ථාවේ උවමනාව අනුව, තමාව රවටන්නට ඉන්නා අයෙකු වෙතින් රැවටී දුක් විඳින්නට කැමැත්තෙන් ම ඉදිරිපත් වෙයි.” මේ නිකලෝයි මැකියාවෙලි 1513 දී ලියූ ‘කුමාරයා’ නමැති පොතේ එන කොටසක්.

අප මෙම ලිපිය තුළින් ජනපති ගුණ වැයීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නැත්තේ එසේ කිරීම අවශ්‍යය නොවන නිසයි.සරලව ජීවත්වන කෙනෙක් ගේ ජීවිතයේ සරලබව තම ජීවිත ආදර්ශයෙන් තවත් කෙනෙක් හට ලබා දෙන්නට හැකිවීම ඉමහත් උතුම් දෙයක් වන්නේ එය ඉතාමත් අසීරුතම කරුණක් වන නිසයි.
මෙවැනි වූ ජීවිත ආදර්ශයක් තමන්ට ලබා දෙන්නට හැකිවීම තුළින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමන් මීට පෙර ලෝක නායකයෙක් වන අති උතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේද නොමඳ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූයේ එතුමන් ගේ මේ සරලකම සහ අව්‍යාජ බව පාප්වහන්සේගේද නෙතඟට ගැටුන නිසයි.

මෛත‍්‍රීගේ සරලකම ගැන ලංකාවේ සිංහල- දෙමළ-මුස්ලිම් කවුරුත් අගය කරන බව ශ්‍රී ලාංකීය ජනසමාජය තුළ විසිරී පැතිරී යමින් පවතී. සරලකම යනු දකුණු ආසියාවේ පමණක් නොව ලෝකයේ කොහෙත් අගය කෙරෙන දෙයකි. අල්පේච්ඡුභාවය ලංකාවේ විශේෂයෙන් අගය කෙරේ. අපි සරල මිනිසුන්ට වහා ගරු කරමු. භාණ්ඩ රැස්කිරීම සාර්ථකත්වය යැයි කියා සලකන අය පවා අනෙක් මිනිසුන්ගේ සරලකම අගය කරති. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ බිරිඳගේද ඒ දෙදෙනාගේ පුත් රවී ජයවර්ධනගේද සරලකම අපි ඉස්සර කට පුරා අගය කළෙමු. හේමා පේ‍්‍රමදාස සහ ඇගේ පුතාගේ එකල වැඩකටයුතු එතරම් අගය නොකෙරුණේ පළවෙනි විධායක ජනාධිපති පවුලට සාපේක්ෂව දෙවැනි විධායක ජනාධිපති පවුලේ වැඩ එතරම් අල්පේච්ඡ වැඩ යැයි නොපෙනුණ බැවිනි. නොයෙක් ආකාරයෙන් සලකා බලන කල ප‍්‍රධාන දේශපාලන පවුල්වල සරලබව යනු සෑහෙන තරම් මහජන ප‍්‍රසාදයක් ලැබෙන දෙයකි.

මෛත‍්‍රීගේ කතා විලාසය තුළ සන්සුන් ස්වභාවයක්ද ජනතාව සන්සුන් කිරීමේ ශක්තියක්ද තිබේ. නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වී පැමිණ විමල් විරවංශ සේ යටි ගිරියෙන් කෑ ගැසුවේ නැත. මෛත‍්‍රී ඒ බව දන්නා බවද පෙනේ. ලංකාවේ මෑතක සිට ජනප‍්‍රිය වී ඇත්තේ අර්ථයට වඩා ශබ්දයට මූලික තැන දෙන බෞද්ධකමකි. ඊට වඩා වෙනස් ආචාර්ධාර්මික බෞද්ධකමක් ජනතාවට සන්නිවේදනය කරන්නට මාදුළුවාවේ හිමි සහ රතන හිමි මෑත කාලයේ තැත් කළහ. ඒ දෙදෙනාගේ මෑතකාලීන කතාවල අනවශ්‍ය ලෙස සිංහලත්වය අවධාරණය කරන බවක්ද නොපෙනිණ. ඒ වෙනුවට දැකිය හැකි වූයේ පොදු ලාංකිකයා අමතන ආචාරධාර්මික ශබ්දයකි.

නායකයාගේ සරලකම විශාල භාවමය බලපෑමක් මහජනයා මත ඇති කළ හැකිය. නිලධාරි තන්ත‍්‍රයද යම් කිසි ප‍්‍රමාණයකට ඒ සරලකම දකින්නට පුළුවන. එහෙත් හුදෙක් නායකයාගේ සරලකමින් පමණක් රටක නාස්තිය දූෂණය වැළැක්විය නොහැකිය. ඒ සඳහා ව්‍යුහමය හා ආයතනික සැලැස්මක් තිබිය යුතුය. දේශපාලන නායකත්වයෙන් සිදු විය යුත්තේ එවැනි ව්‍යුහමය පරිවර්තනයකට අවංකව මැදිහත්වීමයි. ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානය අවශ්‍ය වේ. එසේම මෛත‍්‍රීගේ සන්සුන් ස්වභාවය නිවටකමක් සේ ගන්නට කිසිවෙකුටත් ඉඩ දිය යුතු නැත. අලූත් නායකයෙකුගේ සන්සුන් හා මැදහත් ස්වභාවය ආරක්ෂා කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී ජනතාවටද කාර්යයක් තිබේ. දේශපාලන සම්මුති වෙනුවෙන් යම් යම් දේ යටපත් කිරීමට ඉඩ නොදී නීති පරමාධිපත්‍යය ඉල්ලා දේශපාලකයාට බලපෑම් කිරීමයි.

ආත්මාර්ථකාමීවූ බල ලෝභය නිසා නිසා පීඩාවට පත් අසරණ වු ශ්‍රි ලාංකීය ජනසමාජයට නව පරිවර්තනයකින් යුතු යහපාලනයෙන් සපිරි ධර්මිශ්ථ ලංකාවක් තුළ සැමට සමානව තම ජීවත්වීමේ අයිතිය කතහවුරු කර, ජාති, ආගම්, වර්ග, පක්ෂ ආදී බෙදීම් ඉවතලා සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයම එක් ජන කොටසක් වශයෙන් සලකා ක්‍රියා කරලීමට සරල බව යන බලවත් ආයුධය භාවිතා කරමින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ මේ ජීවිත ආදර්ශය අප සෑම කෙනෙකුටම අපේ ජීවිතය තුළින් සිදුකිරීමට අවශ්‍යය ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි.


ms1
ms2 my3 shoosems3yu5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(උපුටා ගැනීම් සහිතයි.)

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *