අද දිනයේ පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් කැඳවනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාවට පත්කරනු ලබන සාමාජකයින් සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහාය.අනුමැතිය ලබා ලැනීමෙන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වුවත් එම තත්වය කඩාකප්පල් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙහෙයවන රාජපක්ෂ කල්ලිය අද දවසේ කටයුතු කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට යෝජිත සාමාජිකයින්ගේ නම් අනුමත කිරීමකින් තොරව ලබන 9 වැනි දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක චමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තුව අද උදෑසන රැස්වූ අවස්ථාවේ සිටම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට බාධා කළ අයුරින්ම රාජපක්ෂ පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභාවේ කටයුතු පවත්වා ගෙන යාමට ඉඩ නොදෙමින් බාධා කළ අතර,පාර්ලිමේන්තු කටයුතු අවුල් කිරීම ඔවුන් විසින් සිදු කරනු ලැබීය.
රාජපක්ෂ පිළේ උත්සාහය වී තිබෙන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී පාර්ලිමේන්තුව අස්ථාවර කර කෙසේ හෝ පාර්ලිමේන්තුවේ බලය ඔවුන් වෙත ලබා ගැනීමයි. මේ වනවිට පැහැදිලි ලෙසම ශ්‍රිලනිපය කණ්ඩායම් දෙකක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරමින් සිටින අතර පාර්ලිමේන්තුවේ කටයුතු අස්ථාවර කිරීම හා ජනාධිපතිවරයාට බලපෑම් කර කෙසේ හෝ මහින්ද රාජපක්ෂ වෙත ශ්‍රිලනිප අගමැති ධූර අපේක්ෂකත්වය හා ශ්‍රිලනිපයෙන් නාම යෝජනා ලබා ගැනීම ඔවුන්ගේ උත්සාහය වී තිබේ.
(ලංකා ටෘත්)