පසුගිය රජය සමයේ ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කිරීම සඳහා ඉදිකිරීම් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැයකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.
අමාත්‍යාංශය යටතේ ඇති ආයතන නමයක් වෙනුවෙන් 2015 වර්ෂයේ දිනපොත් හා දින දර්ශන මුද්‍රණයට මේ මුදල් යොදවා ඇත්දැයි පරීක්ෂණයක් පවත්වන බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම්දීමක් සළකා බලමින් මේ නියෝගය නිකුත් කැරිණි.
ඕෂන් විව් ඩිවලොප්මන්ට් පෞද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ ගැන පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි ද කීය.
මේ පරීක්ෂණ ප්‍රතිඵල සැප්තැම්බර් 05 වැනි දා අධිකරණයට දැනුම් දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
[…] වීරවංශගේ දිනපොත්වල වටිනාකම ලක්ෂ 150යි. […]