• Sat. Jan 28th, 2023

මර්දනය නැමති සුනඛයා ශිෂ්‍යයන් හපාකමින් සිටිනවා .

BySandun

Jun 4, 2015

anthare

100 යේ ශිෂ්‍ය මර්දනය මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය එක්ව සකස් කළ වාර්තාවක් පසුගියදා කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.

එම වාර්තාව හරහා ජනවාරි 8 වැනි දා සිට මැයි 31 දින දක්වාම ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව පැවති රාජ්‍ය මර්දනය ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේ පාලනය මාරුවුණද ක්‍රියාත්මක කරන්නේ කලින් ආණ්ඩුව ක්‍රියාත්මක කළ නවලිබරල් ධනවාදී ප්‍රතිපත්තියම නම් කිසිදු වෙනසක් එහි නොමැති බවත් මේ ආණ්ඩුව පත්වුණායින් අනතුරුව කිසිවෙකු ‘ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය උදා වුණා’ යැයි සිතයි නම් එය සිහිනයක් පමණක් බවයි.

තවදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික,

“යහපාලන ආණ්ඩුව පත්වී පළමු මාධ්‍ය හමුවේදීම කිව්වා, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද පැරණි ප්‍රශ්න, ෆෝන් ටැප් කිරීම, සුදු වෑන් ලුහු බැදීම, නැවත සිදුවන්නේ නැහැ කියලා. නමුත් මර්දනය නැමති සුනඛයා අහුවෙන, අහුවෙන පරිදි ශිෂ්‍යයන් හපාකමින් සිටිනවා.දැන් පොලීසිය නිල ඇදුම් ඇතුව හෝ නැතුව ශිෂ්‍යයන්ගේ ගෙවල්වලට ඇවිත් දෙමාපියන් භිය වද්දමින් සිටිනවා. රාජපක්ෂ සමයෙත් අපි මුහුණ දුන්නේ මේ මර්දනයටමයි. එකම වෙනස අද තවම තුවක්කු පත්තු වෙලා නෑ.

උසස් අධ්‍යාපන ඇමතිවරයා විදියට එස්.බී. දිසානායක මහත්තයා වෙනුවට සරත් අමුණුගම මහත්තයා ආවා කියලා වෙනසක් වෙන්නේ නෑ. එස් බී දිසානායක මහත්තයා උන්ට සාකච්ඡා දෙන්නේ නෑ,  සරත් අමුණුගම මහත්තයා ශිෂ්‍යයින්ට සාකච්ඡා දෙන්නේ නෑ  කියලා ඊට වඩා සංයමයෙන් කියනවා.

පොලිසියේ ලොකු මහත්තුරු අවිල්ලා අපිට කියනවා,  අපි ඉන්නේ උඹලව ආරක්ෂා කරන්න නෙමෙයි, රජය ආරක්ෂා කරන්න  කියලා. ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ලැබුණා කියලා සමහරු හිතාගෙන ඉන්නවා. අපි ඒ අයට කියනවා ‘සිහිනයෙන් අවදිවෙන්න’ කියලා.’’

One thought on “මර්දනය නැමති සුනඛයා ශිෂ්‍යයන් හපාකමින් සිටිනවා .”
  1. Morons (sorry), Luckily you have got this chance to study under government subsidized and maintained University free of charge.
    Away from your campuses there are much qualified children than you whom were not able to get in to a Govt. Campus just because of the sins of studying in Colombo, suburbs or in main cities.
    But everyone knows you worship tuition boutiques in Colombo or somewhere better places.
    All those subsidized projects in Sri Lanka run by our hard earned money as in any sort of tax levies.
    We want you to study well, not to PICKETING OR RIOTING; BEING A CAT’S PAW OF CROOKED POLITICAL GHOSTS.
    Your parents intention also the same.
    I have passed your time and came to this age. During our period the way all those MORONS done politics; should have filled our entire country with SOCIALISTS who are working for the benefit of the masses free of charge and just maintained themselves only on Government subsidies.
    WAS IT HAPPENED?
    IS IT HAPPENING?
    WILL IT HAPPEN?
    No Never…
    Study well guys.
    DO WHAT YOU SUPPOSE TO DO.
    Don’t become a burden to the entire nation.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *