පසුගියදා ‘සිරිලිය සවිය’ නමැති රාජ්‍ය නොවන සංවිධානයට අදාළ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් එයට සම්බන්ධ මහජන බැංකුවේ බැංකු ගිනුමක් පවත්වා ගිය හිටපු ජනපති බිරියහෙන් පොලිසිය ප්‍රශ්න කරනු ලැබුවා.එහෙත් ඒ සම්බන්ධව හෙළිවූ වැදගත්ම කරුණු කිහිපයක් ගැන සියුම් අධ්‍යනයකින් පසුව ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට ‘අපේ රට‘ වෙබ් අඩවියට හැකිවුණා.මේ ඒ පිළිබඳව සාක්ෂි ඇතිව කරනා හෙළිදරව්වක්.
මෙම බැංකු ගිණුමේ ශිරන්තිගේ ජාතික හැඳුනුම්පතක් අංකය වූයේ දෙකේ ඉලක්කම් වලින් පමණක් යුතු අමුතු අංකයක් (222222222V).ඒ පිළිබඳව ශිරන්ති රාජපක්ෂගේ පාර්ශවයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ මෙවැනි දෙයක්.
“සිරිලිය සවිය” ශිරන්තිගෙ වැරදි හැඳුනුම්පත් අංකය මහජන බැංකුවේ කොම්පියුටර් ඔපරේටර්ගේ අත්වැරැද්දක්
“රාජපක්ෂ ආණ්ඩුවේ විරුද්ධවාදීන් මුල සිටම කළ චෝදනාවක් වූයේ සිරිලිය සවිය වෙනුවෙන් චෙක්පත් අස්සන් කිරීමට බලය ලත් රාජපක්ෂ මැතිනිය ඇතුළු පුද්ගලයන් තිදෙනා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවට ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංක සපයා තිබුණු බවයි. එම සංවිධානයේ නිලධාරින් විසින් මේ බැංකු ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී බැංකුවට ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සපයනු ලැබූ අතර සෙසු බලධාරින් දෙදෙනා වන කේ. එච්. ඒ. එන්. ජීවනි කුමාරි මැතිනියත්, එස්. කේ. කේ. දිසානායක මැතිනියත් තම ජාතික හැඳුනුම්පත්වල පිටපත් බැංකුවට සපයා තිබුණි.
අදාළ පුද්ගලයන් තිදෙනාගේ නම් සහ ලිපිනයන් නිවැරදිව සඳහන් වුණත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී යම්කිසි අතපසුවීමක් සිදුවී ඇති බව පෙනේ..”
එමෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ පාර්ශවයේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි කිහිපයක සඳහන් කර තිබුනේ මෙවැනි දෙයක්.
ඔවුන් පසුගිය මස පළමු වැනිදා ඉදිරිපත් කළේ පට්ටපල් වැරදි පුහු තර්කයක් බව අප පෙන්වාදීම නිසා අද ඔවුන්ගේ වැරැද්ද ඔවුන් විසින් වෙනත් ආකාරයකට අර්ථ ගන්වා එය ප්‍රසිද්ධ කර ඇත.මේ එම පුවත වෙනස් කර අද දිස්වන අයුරුයි.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති මඩ වෙබ් අඩවි වලට ප්‍රබල පිළිතුරක්.
[3]. “සිරිලිය සවිය” පුණ්‍යාධාර සංවිධානය සඳහා මහජන බැංකුව විසින්ම ගිණුමක් ආරම්භ කරන ලෙස, සිරිලිය සවිය පුණ්‍යාධාර ආයතනය වෙත ආරාධනා කර ඇත. එනම් ඕනෑම වාණිජ බැංකුවක් කැමතියි තමන් ගාව වැඩි මුදලක් තැන්පත් වෙනවාට. ඒ අනුව මහජන බැංකුව විසින් ස්වෙච්ඡාවෙන්ම අදාල සිරිලිය සවිය ගිණුම විවෘත කර දෙයි.
*මේ ඔවුන් කර ඇති එක් පට්ට පල් කෙබරයකි.
වාණිජ බැංකුවක් ස්වෙච්ඡාවෙන්ම යම් කිසි ආයතනයකට ගිණුමක් විවෘත කර දෙනව කියා මේ ලෝකේ ඔබ අසා තිබේද..?
එය මොවුන්ගේ පළමු බොරුවයි.
(2) (i). ගිණුමක් විවෘත කිරීමේදී හැඳුනුම්පත් අංකයක් සටහන් කරගන්නේ අදාල තැන්පත් කරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටයි. එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටේ පළමු කාන්තාව ‘First Lady’ ලෙස හැඳින්වුණ නිසා ඇයගේ අනන්‍යතාවය අමුතුවෙන් තහවුරු කරගැනීමට මහජන බැංකුවට අවශ්‍ය වී නෑ. ඒ අනුව මහජන බැංකුවේ ‘information system’ එකේ අදාල ‘text box’ හිස්ව තැබීමට නොහැකි නිසා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබේ.
*මේ දෙවැනි බොරුවයි.
1.ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව (First Lady) කියා කිසිම විදිහකට රාජ්‍ය තනතුරක් හෝ නීතිමය වශයෙන් කිසිම බැඳීමකට යටත් වන්නේ නැත.එය එසේ වන්නේ නම් ශ්‍රී ලංකාවේ නාම මාත්‍රික (රාජ්‍ය දෛවඥ,රාජකීය වෛද්‍ය වැනි) තනතුරු දරන සියල්ලන්ටම හැඳුනුම්පත් නොමැතිව ගිණුම් ආරම්භ කළ හැකිවිය යුතුය.
එමෙන්ම කිසිම බැංකුවක “information system” එකේ අදාල “text box” හිස්ව තැබීමට නොහැකි නිසා හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබෙනවා යැයි කීමද අමුම අමු කෙප්පයකි.
පළමු කරුණ වන්නේ, බැංකුවක ටෙක්ස් ෆීල්ඩ් එකක් හිස්ව තැබීමට නොහැකිවන ආකරයට නිර්මාණය කර ඇත්තේ,
හැඳුනුම්පත නොමැතිව කිසිම ආකරයකින් කිසිම බැංකුවක පෞද්ගලික ගිණුමක් (මේ ගිණුම පෞද්ගලික ගිණුමකී) විවෘත කළ නොහැකි නිසයි.
2.ලෝකයේ කිසිම පිළිගත් ආයතනයක බොරු දත්ත සටහන් කරන්නේ නැත. එමෙන්ම හැඳුනුම්පත් අංකයක් වැනි ඉතා වැදගත් දත්ත සඳහන් වන තීරුවක ව්‍යාජ දත්ත සටහන් කිරීම බරපතල ගනයේ වැරැද්දකි.
එය අත්වැරදීම්කින් සිදුවුනා යැයි නොසිතිය හැක්කේ පැහැදිලිවම එහි සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හැඳුනුපත් අංකයක් අනුකරණය කරමින්ම යොදා ඇති ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් වන නිසාය.
*තෙවන බොරුව.
(ii). ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් නොමැතිනම් සහ ගිණුම් භාරකාරීත්වය අමුතුවෙන් සනාථ කරගැනීමට අනවශ්‍ය නිසා එය ඔවුන් නොසලකා හැරියා විය හැකියි.
මෙය ඔවුන් කියන තවත් පට්ට පල් බොරුවකි. ඕනෑම බැංකුවක පෞද්ගලික ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් ඇත.එසේ නොමැති වුවහෝත් ලංකාවේ සෑම පුරවැසියෙක්ටම තමාට හැඳුනුම්පතක් නැත කියා ගිණුමක් ආරම්භ කළ හැකිවිය යුතුය.
වැදගත්ම කරුණ නම් අවුරුදු 40ක් පමණ හැඳුනුම්පතක් භාවිත කළ අයෙකුට එහි අංකය අමතක වී තිබීම හෝ හැඳුනුම්පත අස්ථානගතවී තිබේ නම් එය යළි සකසා නොගැනීම ඔවුන් කියන ආකාරයටම රටේ පළමු කාන්තාව සිදුකර ඇති වරදක් නොවන්නේද..?
* සිනහ උපදවන අනෙක් කාරණය නම් නෛතික වශයෙන් බැලූකල එම ගිණුම ඇත්තේ 1922 අගෝස්තු මස 9 වන දින උපන් පිරිමි අයෙකුටයි.මේ එහි විස්තර කිහිපයක්,
Mr Lloyd R U from any other planet not from the Earth