අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත භාර දී තිබේ.විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දී ඇත.
එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 112 දෙනෙකු අත්සන් තබා ඇති බව වාර්තාවේ.ඒ අනුව
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම, මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම, ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණය කිරීම, ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීම, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීම, ජාත්‍යන්තර සබඳතා පළුදු වීම, පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යන යෝජනා එම විශ්වාසභංගයට ඇතුළු කර ඇත.
එම විශ්වාසභංග යෝජනාව පහතින්,