අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ “කඩදාසි” නොව සැකකරුවන් යැයි පැවසූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කඩදාසි ගොනු නොකර සැකකරුවන් ඉදිරිපත් කරන්නැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දන්වා සිටියේය.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට සිදුකරන විමර්ශනයන්ට අදාළව දෙවැනි දිනයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව තවත් කීප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, එම ප්රකාශයන්ට අදාළ වාර්තා අද දින ඉදිරිපත් කරන බවටත් සඳහන් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරිවරයා පිටු කීපයකින් යුත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වාර්තාව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනම් කරන ලෙසත්, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරමින් නඩු විභාගය ලබන 02 දිනට කල් තැබීය.