පසුගිය ආණ්ඩු සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ වරප්‍රසාද ලැබූ ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් අදාල අමත්‍යංශයේ වාහන හා වැටුප් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් පවතින බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් වන ලිපිගොනුවක් ආණ්ඩුවේ ඉහලම නිලයක් දරනු ලබන පුද්ගලයෙක් වෙත ලැබී ඇති අතර, ඒ අනුව ඔහු මෙම තොරතුරු මූල්‍ය අපරාධ අංශය හා අල්ලස් කොමිසම වෙත ලබාදීමට නියමිත බවද වාර්තා වේ.
වටිනා බෙන්ස් රථයක් සහ රාජ්‍ය නිලධාරියෙකු ලබන ඉහල වැටුප් තලයක් මැයට පිරිනමා තිබූ අතර මේ සදහා වගකිව යුත්තා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවටයි අදාළ ප්‍රබලයා සදහන් කොට සතිබෙන්නේ.