සිද්ධස්ථාන බෝධි පූජා නාමයෙන් දේශපාලනීකරණයට ලක් කිරීමත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පරාජිත දේශපාලඥයන් බෞද්ධ සිද්ධස්ථාන යොදා ගැනීමත් කණගාටුදායක තත්ත්වයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
“සාමය, සහජීවනය වෙනුවට වෛරය, ක්‍රෝධය වපුරන මධ්‍යස්ථාන බවට මේ පොදු සිද්ධස්ථාන පත් කර බංකොලොත් කරන අයුරු පෙනෙනවා. තම දේශපාලන පටු අරමුණු වෙනුවෙන් සිද්ධස්ථාන වේදිකා බවට පත් කර ගන්න එපා. කිසිදු දේශපාලඥයෙකුගේ තම පටු අරමුණු ඉටුකර ගන්නා ස්ථාන ලෙස ආගමික සිද්ධස්ථාන යොදා ගැනීමට ඉඩනොදෙන ලෙස මහා සංඝරත්නයෙන් හා අනෙකුත් ගෞරවනීය ආගමික නායකයන්ගෙන් මේ ගෙවෙමින් තිබෙන පොසොන් සතිය වෙනුවෙන් ඉල්ලා සිටිනවා“ යැයිද අමාත්‍යවරයා පැවසී ය.
“පන්සල්වල උපාසක පිරිස වෙනුවෙන් සිල් රෙදි බෙදුවාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආණ්ඩුවේ සල්ලිවලින් මැතිවරණ කාලයේ තමන්ගේ නම් ගහගෙන ඒවා කරන එක ගැටලුවක්. මොන දේ කළත් මේ රටේ ජනතාව අවුස්සන්න කිසිවෙකුටත් අවස්ථාවක් නැති බව අප කියනවා“ යැයි ද හෙතෙම සඳහන් කළේය.
දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන පසුගියදා කරන ලද ප්‍රකාශය ගැන අදහස් පළ කළ අමාත්‍යවරයා පැවසූවේ
“ලොක්කා පන්සල් ගානේ ගිහින් මල් වට්ටි පූජා කළාට ලොක්කාගේ හොඳම ගෝලයෙක් වන දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන්න හදනවා. මේවායින් තේරෙන්නේ කොච්චර පන්සල් ගියත් තමන්ගේ සැබෑ ස්වරූපය ගෝලයන්ම එළියට දානවා“
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.