• Sat. Jan 28th, 2023

විමල්ගේ අයථා වත්කම් ඉපයීම් ගැන ශෂීගෙන් ප්‍රශ්න කරයි.

wimal & shashi1

විමල් වීරවංශ ඇමැතිවරයකුව සිටියදී විවිධ වංචනික ක්‍රම ඔස්සේ මුදල් උපයා ඉඩම් ඇතුළු විවිධ වත්කම් උපයා අමාත්‍යවරයාගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බවට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිල්ලක් මත පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුව සිටි විමල් වීරවංශ ඔහුට එම ඇමැති ධුරයෙන් ඉපයිය නොහැකි වූ තරම් වත්කම් ප්‍රමාණයක් ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගේ නමින් පැවතීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ශශී වීරවංශගෙන් ප්‍රශ්න කර ඇත.
 රුපියල් කෝටි ගණනාවක් වටිනා ඉඩම් ඇතුළු වත්කම් ඉපයීම සඳහා අවශ්‍යය කරන මුදල් කෙසේ ලැබුණාද යන්න සම්බන්ධව මෙසේ  වීරවංශ මහත්මියගෙන් ප්‍රශ්න කරනු ලැබ ඇත.එම පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය පසුගිය කාලයේ පරීක්ෂණ ගණනාවක් සිදු කර තිබිණි.එහිදී වීරවංශ මහත්මියගේ වත්කම්වලට අදාළ ‍තොරතුරු රැසක් හෙළිකරගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකිවී ඇතැයි සඳහන්.

 ශෂී වීරවංශ මහත්මියගෙන් ඊට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමටමීට ඉහත දිනයකදී කැඳවා තිබුණත් ඇයට ඊට සහභාගි විය නොහැකි බව දන්වමින්   ඊයේ(4) දින දක්වා ඒ සඳහා කල් ලබාගෙන තිබුණි. ඒ අනුව වීරවංශ මහත්මිය ඊයේ එහි පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නාය.

වීරවංශ මහත්මිය විසින් මෙම වත්කම් ලැබූ ආකාරය පිළිබඳව අදාළ පරීක්ෂණ අංශය සෑහීමකට පත්වෙන ආකාරයේ තොරතුරු ඉදිරිපත් නොකළහොත් මුදල් විශුද්ධිකරන පනත යටතේ ඔවුනට එරෙහිව නීති මඟින් ක්‍රියාකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *