• Mon. Jan 30th, 2023

අර්ජුන රෙජීගේ පුතා බව ඔප්පුකරද්දී, ප්‍රසන්න වෙන අප්පච්චී කෙනෙක්ට පීතෘත්වය පුදන්නේ ඇයි..?

arjuna & prasanna

‘අර්ජුන රණතුංග’ යන නාමය ඇසූ සැනින් අපට මතක් වෙන ප්‍රධාන කාරණා කිහිපයක්ම ඇත.මින් ප්‍රධාන ම වෙන කාරණාවනම් 1996 ලෝක ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා නායකත්වයේ වගකීම සිදු කළ ක්‍රිකට් ක්‍රීඩකයා වීමයි.එමෙන්ම පාදඟ පන්දුයවන්නෙකු වූ මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේදී පන්දුව දමා ගැසීමේ චෝදනාව ඉදිරිපත්වූ විට නොබියව,නිර්භීතව සාධරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුගේ චෝදනාවල නිරවද්‍යතාවය තකා ක්‍රියා කරමින් සිට මුරලි ලෝක පූජිත පන්දු යවන්නෙකුගේ තත්වයට ගෙන ආවේද ‘අර්ජුන’ බව අපට සඳහන් කළ හැකියි.

මෑතකාලීනව දේශපාලන ලෝකය දිහා බැලූ කල ජෙනරාල් සරත් ෆොන්සේකා රණවිරුවාව පැහැරගෙන ගොස් ඔහුව සිරගත කළ මොහොතේ පටන් ජෙනරාල්වරයාගේ නිදහස්වීම වෙනුවෙන්ද, අර්ජුන ඉමහත් කැපකිරීමක් කල අයූරු අපට හොඳින් මතකය.එමෙන්ම පසුගිය කාලයේ අර්ජුන හා ප්‍රසන්න තම මවට බැණ වැදුනු දරුවෙකුට කළ පහරදීමක් ගැන යම් යම් තොරතුරු වාර්තා වූ අතර අප එම සිදුවීම ගැනද,කතා කලා ඔබට මතක ඇති.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම රටේ පැවති අධර්මිෂ්ඨ පාලනය පෙරලා දමා, මහජනතාවට යහපාලනයක් ගෙන එන සටනේද අර්ජුන ප්‍රධාන කාර්යභාරයක් සිදු කළා.එමෙන්ම 19 ව්‍ය්වස්ථා සංශෝධනය සම්මත කරගැනීමටද ඉමහත් දායකත්වයක් සැපයූ අර්ජුන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමටද විශාල කැපකිරීමක් මේ වනවිට සිදුකරනු ලබයි.අර්ජුන රණතුංග මේ ක්‍රියාවන් සියල්ල සිදුකලේ එමඟින් ඔහුටත් වඩා රටට ඉටුවිය යුතු මෙහෙය ඉටුකිරීමට බව අප විශ්වාස කරන්නෙමු.
මේ අර්ජුන මීට දින කිහිපයකට කලින් කළ කතාවක්.

 

“අපේ පක්ෂය ඇතුළෙත් ඉන්නවා ත්‍රස්තවාදියෝ. ඔවුන් පක්ෂය බලයට එනවට කැමති නෑ. 19 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ හොරකම් කළ මැති ඇමැතිවරු බොහෝමයක් ඒකට විරුද්ධ වුණා. එය කඩාකප්පල් කරන්න උත්සහ කළා. අද මේ 20 වැනි සංශෝදනයටත් වෙලා තියෙන්නේ එයයි. පිට පක්ෂවලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ එක කොටඨාසයක් හදනවා විස්ස සම්මත වීම වැළැක්වීම සඳහා. පසුගිය කාලෙම මේ මනාප ක්‍රමයත් එක්ක මේ රටේ පාර්ලිමේන්තුවට ආවේ සූදුකාරයෝ, කැසිනෝකාරයෝ, බුකිකාරයෝ, එතනොල් ව්‍යාපාරිකයෝ එහෙමත් නැතිනම් කසිප්පු මුදලාලිලා, හොරකම් කරපු මිනිස්සු.මේ ඕනම කෙනෙකුට මුදල් තියෙනවනම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය නතර කරන්න තමයි අපි 20 වැනි සංශෝදය ගේන්න හදන්නේ. මේකට ප්‍රධානම වශයෙන් විරුද්ධ වෙන්නේ පහුගිය කාලේ හොරකම් කළ පිරිස.අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරු. මේ නිසා අපි ජනාධිපතිතුමාට බලකරමින් කියා සිටියා පාර්ලිමෙන්තුව විසුරුවනවා නම් කොහොමහරි 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලා එය විසුරුවන්න කියලා. මොකද එතකොට මහජනතාව ඉස්සරහට ගිහිල්ලා අපිට පෙන්නන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය.”

 

 

ඒ අර්ජුනගේ ප්‍රවේගකාරී හඬය.

අර්ජුන එහෙම වෙද්දී, ප්‍රසන්න මෙහෙම වෙන්නේ ඇයි..?

මෙම සියලු සිදුවීම් අතර අර්ජුනගේ බාල සොහොයුරු බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හසුරුවා ගැනීමට පසුගිය පාලන සමය තුළ ඉතා දැඩිලෙස රාජ්‍ය බලය මෙන්ම මහජනතාවගේ ජීවිතද උදුරා ගත්, පසුගිය දූෂිත පාලන තන්ත්‍රයේ ප්‍රබලයින් සමග රැඳෙමින් රටේ යහපාලනය ඇතිකිරීම සඳහා දැමූ අඩිතාලම ද, විනාශ කිරීමේ කොන්ත්‍රාත්‍රාත්තුවක් භාරගෙන ගෙන තිබෙන්නේ, අර්ජුනලා වැනි මානුෂීය පුතුන් මෙලොවට බිහිකළ රෙජී රණතුංගයන්ට පමණක් හිමි උතුම් වූ පීතෘත්වයද පාවාදෙමින් මහින්ද රාජපක්ෂ නමැති දූෂිතයාට “අප්පච්චී” කියමිනි.

එය ඔහුට පෞද්ගලික කාරණයක් වීමට ඉඩ ඇත.එහෙත් රෙජී රණතුංගයන් ඉටුකළ මෙහෙවර දේශපාලන පක්ෂ භේදයකින් අපට සිහිපත් කළ හැක.එවැනි වූ උතුම් පුද්ගලෙයෙක් අමතක කර වෙනත් දූෂිතයෙක්ට පීතෘත්වයත් පුද කර,බහුතර ජනතාවකගේ ප්‍රතික්ෂේපයට ලක් වුනු දේශපාලන අනාථයෙක්ව ගෙන ඒම තුළින් ඔවුන් බලාපොරොත්තුවන්නේ කුමක්ද..? එමෙන්ම ජනතාව වරමක් දී පත් වූ ජනාධිපතිවරයෙක් දැන් ලංකාවේ සිටියදී, ඔහුට තම රජය පවත්වාගෙන යෑමට විවිධ බාධා සිදුකරන්නේ ඇයි.එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාදිපතිවරයා පත්වී වෙන නායකයින් මෙන් ඊට පෙර සිටි සේවකයින් හෝ නිලධාරීන් ඉවත් කළේ නැත.එයින් උපරිම ප්‍රයෝජන ගන්නා මේ කුමන්ත්‍රණකරුවන් රාජ්‍ය සේවයේ විවිධ අංශයන් අකර්මන්‍ය කොට,මහජනතාවට වැරදි තොරතුරු ලබා දී මහජන කැළඹීම් ඇතිකොට රජයේ කටයුතු කරගෙන යෑම අඩපණ කිරීමේ ක්‍රියාවලියක තොරතුරුද අපට සාක්ෂි සහිතව හමුවී තිබෙනවා.ඉදිරියේදී අප එකිනෙක මේ තොරතුරු පිළිබඳවද ඔබව දැනුවත් කරන්නෙමු.

 

©aperata.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *