• Fri. Feb 3rd, 2023

ජනපති මෛත්‍රි අධිකරණයට ඇඟිලි ගසන්නේ නෑ. – අගමැතිගෙන් සහතිකයක්.

rw & ms2

 

පෙර පැවති ආණ්ඩුව මෙන් නොව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ වර්තමාන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතුවලට ඇඟිලි නොගසන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආණ්ඩුව අධිකරණයේ ස්වාධිනත්වයට දැඩි ලෙස ගරු කරන බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා ශක්තිමත් නිතිමය පද්ධතියක් පැවතිමේ වැදගත් කම පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර බේරුම්කරණය මධ්‍යස්ථානයක් ඇති කිරිම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ඇති කැර ගැනීමේදී වැදගත් වන දීර්ඝ කාලින අවශ්‍යතාවයක් බවද පැවසු අගමැතිවරයා මේ සඳහා වානිජ නීතිය සහ සමාගම් නීතිය නවීකරණය විය යුතු යැයි ද එසේ නොවුණ හොත් ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය හුදු ගොඩනැඟිල්ලක් විය හැකි බවද පැවසීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ශ්‍රි ලංකාවේ පළමු ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදි අගමැතිවරයා අතින් ඊයේ(5) විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි‍ වෙමින්.

අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරුණි.

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරිමේදි හා ජාත්‍යන්තර සබඳතා කටයුතුවලදි ලෝකයේ දැවැන්ත වෙළෙඳ සමාගම්වලට බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් නිතිඥ සේවා කටයුතු ලබා ‍දීමට අවස්ථාවක් මෙම මධ්‍යස්ථානය තුළින් ලැබෙන බව පිළිගැනිමේ කතාව කරමින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කමලිනි ද සිල්වා මහත්මිය පැවසුවාය.

වැඩිදුරටත් අදහස් පළ කල අගමැති රනිල් වික්‍රමසිංහ,

“මෙම‍ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථා‍නය ආරම්භ කිරීමට මුල් පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාටත් එය ඉදිරියට ගෙන ගොස් මුලිකත්වය ගෙන මෙය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වර්ථමාන අධිකරණ ඇමැතිටත් ස්තූතිය පිරිනැමිය යුතුයි.

අද මේ මධ්‍යස්ථානය ආරම්භ වී ඇත්තේ කොළඹ ලස්සන ගොඩනැගිල්ලක ලස්සන දර්ශනයක් සහිත ස්ථානයකයි.මෙය දීර්ඝකාලින අවශ්‍යතාවයක්. ශක්තිමත් නිතිමය පද්ධතියක් පැවතිය යුතුයි.අතීතයේදි ලංකාවට චිනය සහ දකුණු ආසියාතික රටවල වෙළෙඳ නියෝජිතයින් වෙළෙඳාම සඳහා අප රටට පැමිණියා.ඔවුනගේ ‍වෙළෙඳ ආරවුල් නිරාකරණය කිරිම සඳහා යම් ආකාරයක බේරුම්කරණයක් ඒ දවස අප රටේ පැවති බව කිව යුතු නොවේ.

අනුරාධපුර යුගයේදිත් බේරුම්කරණය පැවතියා.

ඉන්පසුව අප බටහිර වානිජකරණයට නිරාවරණය වුණා.අපේ රටේ රෝමන් ලන්දේසි නිතියත් ඉංග්‍රිසි නිතියටත් යටත් වුණා.රෝම ලන්දේසි නිතිය තවමත් භාවිතයේ පවතිනවා.වානිජ නිතියත් අපේ ‍රටේ භාවිතා කරනවා.අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් පැරණියි.අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා අඩු වන්නේ අවුරුදු විස්සකට පමණයි.

නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි.නැතිනම් මෙය ගොඩනැගිල්ලක් පමණක් වේවි.අප රටේ හොඳ නිතිමය පදනමක් තිබෙන බව අප දැනගත යුතුයි.‍එය අපට ආඩම්බරයක්.එහි සම්ප්‍රදායන් ඉවත දමා නිතිය ක්‍රියාත්මක කිරිමට බැහැ.

බරපතල මුල්‍ය වංචා විමර්ශන අංශය අප පටන් ගත්තේ බරපතළ මුල්‍ය අපරාධ පරික්ෂණ පැවැත්විමේ අරමුණින්.පසුගිය කාලයේ නිතිපති දෙපාර්තමේන්තුවේ සිදු වු‍ දේ මට වඩා හොඳින් නිතිපතිවරයා දන්නවා.නිතිපතිවරයා ඔහුගේ කාලයෙන් වැඩි කාලයක් යොදවන්නේ මේ අංශයේ නඩු කටයුතු වෙනුවෙන්.

සිංගප්පුරුවේ දියුණු බේරුම්කරණ ක්‍රම‍වේදයන් පවතිනවා.අප එවැනි තත්ත්වයට පත් විය යුතුයි.

අප‍ බේරුම්කරණය සඳහා මුදල් ලබා දෙනවා.එය මහා භාණ්ඩාගාරයෙන් පාලනය වන්නේ නැහැ.වානිජ නිතිය සඳහා අප නවින නිතිය යොදා ගත යුතුයි.එසේ නොමැතිව බේරුම්කරණය සාර්ථක වන්නේ නැහැ.එසේම නිතිඥ වෘත්තියද නවී කරණය විය යුතුයි. ක්‍රිඩා කේෂත්‍රයේ බේරුම්කරණය ඇති බව අසා මා පුදුම වුණා.එම අංශයේද සුද්ධ කළ යුතු දේ තිබෙනවා.

ජනවාරි 8වැනි දා අපේ රට යළි ඉපදුණා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අප ශ්‍රේෂ්ඨාධිකරණය පාලනය කිරිමෙන් ඉවත් වි තිබෙනවා.

 

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා.

“අවුරුදු කිහිපයකට පෙර මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ආරම්භ කිරිමට මුල් පියවර තැබිම සම්බන්ධයෙන් හිටපු අධිකරණ ඇමැති රවුෆ් හකිම් මහතාට ප්‍රණාමය පිරිනැමිය යුතුයි.අධිකරණ කේෂ්ත්‍රයේ මගේ අත්දැකිම් අනුව මට හැඟෙන පරිදි ජාත්‍යන්තර බේරුම්කරණය සම්බන්ධයෙන් අපගේ ඉලක්කයන් වෙත අප ළඟා වී නැහැ.බේරුම්කරණයේ වාසි ‍ලැබෙන්නේ අගතියට පත් පාර්ශ්වයට පමණක් නොවේ අනකුත් අයටත් එහි වාසි අත් විඳීමට පුළුවන්.ජාත්‍යන්තර බේරුම්කරණයේ පවතින තරඟයට අප මුහුණ දිය යුතුයි.එ‍සේම මතභේද විසැඳීමේදි කඩිනම් විසැඳුම් ලබා දිම අවශ්‍ය වෙනවා.මේ සම්බන්ධයෙන් අධිකරණයට ‍යාමේ දි පාර්ශ්වකරුවන් පීඩාවට පත් වෙනවා.අවුරුදු ගණන් ගත වීම නිසා කාලය සහ මුදල් නාස්තියද සිදු වෙනවා.මහාධිකරණයේ සහ‍ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විසඳෙන විටත් වසර ගණනාවක් ගත වන අවස්ථා තිබෙනවා.ගෘහස්ථ බේරුම්කරණයේදි අප සාර්ථක වී නැහැ.

නව ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ස්වාධීන ආයතනයක්.ආණ්ඩුවේ යහපාලනය ක්‍රියාත්මක කරන මෙම සමයේදි විදේශිය ආයෝජකයින් රටට ඇද ගැනිම වැදගත් වෙනවා.ජාත්‍යන්තර ව්‍යාපාරික සමාජය තුළ අප රට පිළිබඳව විශ්වාසයක් ‍ගොඩනැගෙමින් ඇති බව පෙනි ගොස් තිබෙනවා.එක්සත් ජාතින‍්ගේ සංගමය සමඟ අප පැවැත්වු සාකච්ජාවලින් පසුව එහි කලාපිය කාර්යාලයක් මෙහි ආරම්භ කිරිමට ඔවුන් එකඟ වි තිබෙනවා.ඔවුනගේ නිතිමය ආරවුල් අප රට තුළදි විසඳා ගත හැකි බව විශ්වාසයක් ඔවුන් තුළ ගොඩ නැංවිය යුතුයි.!

rw 12

 

 

 

 

 

ශ්‍රිලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ උපදේශක ආචාර්ය අසන්ග ගුණවංශ මහතා ජාත්‍යන්තර බේරුම්කරණ ය පිළිබඳව කෙටි දේශනයක් පැවැත්විය.

මෙම අවස්ථාවට අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ,නිතිපති යුවන්ජන් විජේතිලක,නිතිඥ සංගමයේ සභාපති අලගරත්න,අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින්,නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *