ප්‍රධාන මහා මාර්ග පහක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට වෙන් කර තිබූ රුපියල් බිලියන විසිපහක මුදලින් රුපියල් බිලියන දොළහයි දශම පහක් නැත්නම් රුපියල් කෝටි එක්දාස් දෙසිය පනහක් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කොන්ත්‍රාත්කරුවන් ඇතුළු කණ්ඩායමක් වංචනික ලෙස ලබා ගෙන ඇති බව පරීක්ෂණයකින් හෙළි වී ඇතැයි මහා මාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.
කොළඹ – නුවර මාර්ගයේ කඩවත සිට නිට්ටඹුව අතර කොටස සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන හතක (7) මුදලක් වෙන් කර තිබුනත්,එයින් රුපියල් බිලියන 5.5 ක මුදලක් ද බත්තරමුල්ල, කෝට්ටේ – බෝපේ මාර්ගය ඉදිකිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 1.5 ක මුදලින් රුපියල් බිලියනයක්ද අඹේපුස්ස – කුරුණෑගල මාර්ගයේ ත්‍රිකුණාමලය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 10 ක මුදලින් රුපියල් බිලියන 2.25 ක මුදලක් ද මතුගම අවිත්තාව මාර්ගය ඉදිකිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 3 ක මුදලින් බිලියන 1.5 ක් ද කතරගම ලුණුගම්වෙහෙර මාර්ගය ඉදිකිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් බිලියන 3.5 ක මුදලින් රුපියල් බිලියන දෙකක් ද ලෙස මෙම මුදල් වංචා කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත.
මේ හේතුවෙන් අදාළ මාර්ගවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අතර මග නතර වී ඇත. මෙම මාර්ග පහ සංවර්ධනය කිරීමට රජය මුදල් ලබා ගෙන තිබෙන්නේ රාජ්‍ය බැංකුවකිනි.
(දිවයින)