පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ අත්සන් සංඛ්‍යාවක් හෙවත් වරෙක එය 113 ක්ද වරෙක එය 118 ක් ද යැයි පවසමින් නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය විසින් පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට බාර දුන් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ සත්‍ය වශයෙන්ම අත්සන් තබා ඇත්තේ 108 ක් පමණක් බව වාර්තා වනවා.
අංක අනුපිලිවෙලින් 112 ක් දක්වා යොදා ඇති අත්සන් සහිත පිටපත් වල 112 වෙනියාට රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ යැයි නම සහ අත්සන් සඳහන් වුවද අතර මැද අංක වලදී වංචනික ආකාරයෙන් අත්සන් තබා පාර්ලිමේන්තු මහ ලේකම් වරයාද මුලා කර තිබේ.
එකී අත්සන් වංචාවේ බරපතල කාරණය නම් සුමේධා ජයසේන සහ ලොහාන් රත්වත්තේ දෙදෙනා දෙතැනක අත්සන් කර තිබීමයි. ලොහාන් රත්වත්තේ 39 වෙනියා ලෙසත් 75 වෙනියා ලෙසත් දෙතැනක අත්සන් තබා ඇති අතර සුමේධා ජයසේන 40 වෙනියා ලෙසත් 93 වෙනියා ලෙසත් අත්සත් දෙක බැගින් තබා තිබේ.
මී ලඟ අත්සන් වංචාව නම් අංක 4 වෙනියා සහ අංක 44 වෙනියා ලෙස කිසිවෙකු අත්සන් තබා නැති නමුත් එය සඟවා පෙන්වා තිබීමයි.
පළමු වෙනියාට හිටපු අගමැති දිමු ජයරත්න අත්සන් කර ඇති අතර දෙවැනියා ලෙස දිනේෂ් ගුණවර්ධන ද තෙවැනියා ලෙස වාසුදේව නානායක්කාර ද අත්සන් කර ඇති අතර 4 වෙනියාට කිසිවෙක් අත්සන් නොතබා 5 වෙනියා ලෙස අත්සන් තබා ඇති ගාමිණී ලොකුගේ 4 වෙනියා ලෙස පෙන්වා වංචා කර තිබේ.
එවැනි ආකාරයටම 43 වෙනියා ලෙස හිස්බුල්ලා අත්සන් තබා ඇති අතර 45 වෙනියා ලෙස ජයන්ත කැටගොඩ අත්සන් තබා ඇත. ඒ අතර 44 වෙනියාට කිසිවෙක් අත්සන් තබා නැතත් එවැන්නෙක් අත්සන් තබා ඇති බව වංචනිකව පෙන්වා ඇත.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේත් අත්සන් හොරට ගසා ජනාධිපතිවරණයක් ජය ගැනීමට උත්සාහ කළ සිදුකර ඇති විශ්වාසභංග අත්සන් වංචාවද සිතා මතා සිදුකරන ලද්දක් හෝ නිවැරදිව 112 ට ගැන ගැනීමට නොහැකි පිරිසක් විසින් අත්සන් එකතු කිරීම සිදුකරන ලද බව මෙයින් තහවුරු වේ.
අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයට අත්සන් එකතු කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පුද්ගලයෙක් වූයේ මනුෂ නානායක්කාර නමැති මන්ත්‍රීවරයා ය. ඔහු වත්මන් පාර්ලිමේන්තුවට පැමිණියේ රනිල් වික්‍රමසිංහ විසින් 2010 මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා ලබා දීම නිසා වන අතර ඔහුට ඡන්දය දුන් එජාප ජනතාව පාවා දෙමින් පසුව ඔහු මහින්ද රාජපක්ෂගේ පැත්තට පිල් මාරු කළේය.