• Mon. Feb 6th, 2023

සිරිලියේ තිබෙන්නේ සුනාමි වංචාවේ මුදල්ද..?

siriliya & tsunami

සිරිලිය ගිණුමෙහි ඇත්තේ ආණ්ඩුවේ මුදල් නොවන බවත් එම ගිණුම සම්පූර්ණයෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලින් ලද මුදල් මගින් පමණක් යැපුන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කර සිටියා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙවැනි ගිණුම් සම්බන්ධයෙන් නමක් දරා ඇති අතර ඔහු මීට පෙර අගමැති ධූරය දරන සමයේද සුනාමි ආධාර වශයෙන් ලද මුදල් තම ගිණුමකට බැරකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ද ගෙන තිබිණි.
එහෙත් එම අධිකරණ තීන්දුව ඉවත් කිරීමට එවක අගවිනිසුරු වූ සරත් නන්ද සිල්වා කටයුතු කළ අතර ඔහු පසුකාලයේදී තමා එවක දැඩි වරදක් කළ බව පිළිගත්තා.

කෙසේ නමුත් සිරිලිය ගිණුම ආරම්භ කිරීම සදහා උපයෝගී කොටගත් තැනැත්තාගේ ජාතික හැදුනුම්පත් අංකය(222222222V) ව්‍යාජ එකක් බව හෙළිදරව් වී ඇති අතර එහි ගණුදෙනු කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බිරිද වන ශිරන්ති රාජපක්ෂගෙන් පසුගියදා කොළඹ මුල්‍ය අපරාධ විමර්ශනය විසින් විමසීමක්ද සිදුකරනු ලැබුවා.
මහින්ද රාජපක්ෂ විසින් මෙම ගිණුමේ ඇත්තේ රජයේ මුදල් නොවන්නේ නම් එහි ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් දුන් ආධාර ද යන්න මහින්ද රාජපක්ෂ විසින් රටට හෙළිදරව් කර සිටිය යුතු බව මේ සම්වන්ධව අදහස් පළ කරන විද්වතුන් ප්‍රකාශකර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *