• Fri. Feb 3rd, 2023

දිනපොත්වලට ගියේ මිලියන 14යිලු – විමල්ට ඒක ගානක් නෙමේලු.

wimal diary
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ අමාත්‍යංශයේ දින පොත් මුද්‍රණය කිරීම සදහා මිලියන 140 ක මුදලක් වැය වූ බවත් එමගින් රාජ්‍ය මුදල් අවභාවිතයේ යොදා ඇති බවට අප පසුගිය දිනක “අපේ රට“වෙබ් අඩවිය හරහා කරුණු සහිතව එළිදරව් කල අතර විමල් වීරවංශ පාර්ශවයෙන් ඒ සඳහා අද නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දුන්නා.

එහි දක්වා ඇත්තේ ඒ සදහා වැය වූූයේ මිලියන 140ක් නොව මිලියන 14 ක් වූ බවත්, එය දින පොත් සහ දින දර්ශණ සියල්ල මුද්‍රණය කිරීමට වැයවූ මුදල බවත් එමගින් කිසිදු ලෙසකින් මුදල් අවභාවිතයක් සිදු නොවූ බව දක්වා සිටියි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින්,

 

අප පක්ෂයේ නායක විමල් වීරවංශ අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ.

එම චෝදනා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර එමගින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධය දුරලනු වස් පහත සඳහන් පැහැදිලිි කිරීම ඉදිරිපත් කරන්නෙමු.

පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂෙඇප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා ඒ යටතේ පැවති ජාතින නිවාස සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් වෙනුවෙනි.

අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත් සියල්ල ඉහත කී ආයතන 10ට ඇණවුම් කළ පරිදි ඛෙදා දී ඒ බවට මුද්‍රණකරු අදාළ ආයතන බලධාරීන්ගෙන් අත්සන්ද ලබාගෙන තිබේ.

මෙසේ නිසි ක්‍රමවේද අනුගමනයකර තිබියදී ඉදිරිපත් කරනු ලබන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙම කරුණද මින් පෙර ඉදිරිපත් කරනු ලැබූ මඩ, අවලාද ගොන්නට එක් වන්නක් මිස අන් කිසිවක් නොවේ. මෙවැනි අසත්‍ය කරුණුවලට නොරැවටෙන ලෙස සියලූ ප්‍රගතිශිලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

 

වීරවංශගේ දිනපොත්වල වටිනාකම ලක්ෂ 150යි.

2 thoughts on “දිනපොත්වලට ගියේ මිලියන 14යිලු – විමල්ට ඒක ගානක් නෙමේලු.”
  1. Ethakota Ara battramulle thiyena 4.5 Milllion Bus halt eka ,ekath haduwe e mahathyama thami neda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *