එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් පරිහරණය කළ ගිනි අවි මේ වන විට ඇත්තේ කොහිදැයි යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙන බව ඉතා විශ්වාසදායක ආරංචි මගින් “අපෙ රට“වෙබ් අඩවියට තොරතුරු වාර්තා වී තිබෙනවා.
2009 වසරේ මැයි 19 වැනිදා මුලතිව් නන්දිකඩාල් කළපුවේදී ප්රභාකරන් ඝාතනය වූ පසුව ඔහුගේ පෞද්ගලික ගිනි අවිවලට සිදු කෙළේ කුමක්ද යන්න හෙළි නොවීය.
බ්රවුනුඉන් 17 වර්ගයේ මිලිමීටර් 9 පිස්තෝලය ප්රභාකරන්ගේ ප්‍රියතම පෞද්ගලික ගිනි අවිය අතර එය නිතරම ඔහුගේ ඉණ ප්‍රදේශයේ රඳවාගෙන තිබිණි. මෙය ඉතා උසස් වර්ගයේ මිල අධික පිස්තෝලයකි.
A16-2 වර්ගයේ රයිෆලයක්ද ප්රභාකරන් තම පෞද්ගලික ගිනි අවිය වශයෙන් භාවිත කර තිබේ. මේ රයිෆලයට ග්‍රෙනේඞ් විදීමේ හැකියාවද පවතී.මීට අමතරව තම සාමාජිකයන් හඳුනාගැන්ම සඳහා කොටි සංවිධානය භාවිත කරන ගෙල පලඳින අංක තහඩුව ප්රභාකරන්ටද තිබුණු අතර එහි අංකය වූයේ 001 ය.ප්රභාකරන් භාවිත කළ මේ ගිනි අවි දෙක සහ ගෙල පැලඳි මේ අංක තහඩුව තිබෙන්නේ කා ළඟද? කවුරුන් භාරයේද? කියා නිශ්චිත තොරතුරු නොමැති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්රභාකරන් ඝාතනය වන අවස්ථාවේදී ආරක්ෂක අංශවල සිටි ප්‍රබලම සාමාජිකයන් දෙතුන් දෙනකු මේ ගිනි අවි සහ ගෙල පැලැඳි අංක තහඩුව සැමරුම් භාණ්ඩ වශයෙන් ළඟ තබාගෙනද නැත්නම් විනාශවෙලාද යන්න ගැන සැකයක් මතුවී ඇත.