• Fri. Feb 3rd, 2023

මහින්ද, රනිල්ට කථා කර උදව් ඉල්ලලා.

mr & rw

හිටපු ජනාධිපති බිරිඳගෙන් සිරිලිය ගිණුම සම්බන්ධ කට උත්තරයක් ලබාගැනීමට කථානායක නිල නිවස පාව්චිචි කළ අන්දම ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රටට පැහැදිළි කළ යුතු බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (07) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට දුරකථනයෙන් කථා කර කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ කළාද නැද්ද කියන එක රටට හෙලිකළ යුතු බවත් අගමැතිවරයාගේ කි‍්‍රයා කලාපය නිසා ජනමතය අත්හැරියහොත් අන්තිමට පාරා වළල්ලක් වීම වැළැක්විය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී අනුර දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළේය.

 

“ජනවාරි 08වැනිදා රටේ ජනතාව ලබාදුන් ජනවරමේ ප‍්‍රධාන සාධකය වුණේ වංචා දූෂණයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමත් ඔවුන් එක්රැස්කළ ධන සම්භාරය නැවත මහජනතාව වෙත පවරා ගැනීමත්ය. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් ලැබී තිබෙන බලයට අමතරව රටේ ජනමතය පිළිබිඹු කරමින් ලැබුණු බලයත් ඉතා ප‍්‍රබලයි. නමුත් මේ ජනවරමෙන් නිරූපනය වුණු වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් ලබාදීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් මේ වනවිට අඩපණ වී තිබෙනවා.‘

‘රාජපක්‍ෂ කල්ලිය සිදුකළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් මේ තරම් තොරතුරු තිබියදීත් නිසි පරීක්‍ෂණ පැවැත්වීමට බාධා සිදුකරන්නේ ඇයි? උදාහරණ කිහිපයක් මම කියන්නම්. දිවිනැගුම සම්බන්ධයෙන් පරීක්‍ෂණ මුලටම ගියහොත් ප‍්‍රධානම චූදිතයා බැසිල් රාජපක්‍ෂ. ඇවන්ගාඞ් හා මිග් ප‍්‍රහාරක යානා වංචා දූෂණ සම්බන්ධයෙන් කෙළවරටම පරීක්‍ෂණ කළහොත් එතන ඉන්නේ ගෝඨාභය රාජපක්‍ෂ. සී.එස්.එන්. නාළිකාව සම්බන්ධයෙන් කෙළවරටම පරීක්‍ෂණ කළහොත් එතන ඉන්නේ යෝෂිත රාජපක්‍ෂ. ඛෙත්තාරාම කී‍්‍රඩාංගනයේ බල්බ් ගලවාගෙන නුවර නයිට් රේස් පැදීමට යොදාගත් බල්බ්වලින් මිලියන 78ක අහිමිවීම පිටුපස ඉන්නේ නාමල් රාජපක්‍ෂ. සිරිලිය සවිය පිටුපස ඉන්නේ ශිරන්ති රාජපක්‍ෂ. පුෂ්පා රාජපක්‍ෂ පදනම පිටුපස ඉන්නේ බැසිල්ගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂ. එයාර් ලංකා වංචා-දූෂණ පිටුපස ඉන්නේ ශිරන්තිගේ සොහොයුරා නිශාන්ත වික‍්‍රමසිංහ. යුක්කේ‍්‍රන කැරළිකරුවන්ට ආයුධ ලබාදීම පිටුපස ඉන්නේ මහින්දගේ ඥාති සොහොයුරා උදයංග වීරතුංග. ඒ වගේම එල්.ටී.ටීඊ සංවිධානයට විශාල මුදල් කප්පම් දීම පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ.‘ යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

‘පසුගිය දිනක අපි දැක්කා හිටපු ජනාධිපති බිරිඳගෙන් සිරිලිය ගිණුම සම්බන්ධ කට උත්තරයක් ලබාගැනීමට කථානායක නිල නිවස පාව්චිචි කළ අන්දම. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ පිළිබඳව රටට පැහැදිළි කළ යුතුයි. හිටපු ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට දුරකථනයෙන් කථා කර කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ කළාද නැද්ද කියන එක රටට හෙලිකළ යුතුයි. අගමැතිවරයා මේ කි‍්‍රයා කරන්නේ නීතිමය, ව්‍යවස්ථාමය හා ජන මතය අත්හරිමින් බව පැහැදිලියි. මේ නිසාම රාජපක්‍ෂවරුන්ගේ කුමන්ත‍්‍රණ සාර්ථක වෙමින් තිබෙනවා. අගමැතිවරයාගේ කි‍්‍රයා කලාපය නිසා ජනමතය අත්හැරියහොත් අන්තිමට පාරා වළල්ලක් වන එක වළක්වන්න බැහැ. රාජපක්‍ෂ කුමන්ත‍්‍රණය කූටප‍්‍රාප්තියට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී මහජන ධනය වංචා කළ සහ හොරකම් කළ අයට විරුද්ධව නීති මගින් දඬුවම් පැමිණවිය යුතුයි. මේ වනවිට දූෂණ විමර්ශන අංශයට පැමිණිලි 180ක් ලැබී තිබෙනවා. එයින් 125ක විමර්ශන අවසන් කර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා අදාල ආයතනවලට යොමුකර තිබෙනවා.‘ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

One thought on “මහින්ද, රනිල්ට කථා කර උදව් ඉල්ලලා.”
  1. this is incorrect. MR had planned to create problems near the FCID, to avoid that the venue had changed by police on consultation with the higher authorities. Now MR is trying to gain some sort of credit saying that Mr. Ranil Wickremasinghe helped him.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *