හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ දිනවල පන්සල් ඉලක්ක කර ගනිමින් සිය දේශපාලන බල ව්‍යාපෘතිය දියත් කරමින් සිටින අතර මේ වනවිට පන්සල් ගණනාවකින් එයට විරෝධය එල්ල වෙමින් තිබේ.
විශේෂයෙන්ම හෙට (09) සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පන්සල්වල මෙම දේශපාලන වැඩසටහන සංවිධානය කර ඇති අතර මේ වනවිටත් ඊට අදාල සැරසිලි සිදු කිරීම සඳහා වෙනත් පෞද්ගලික ආයතනයක පිරිසකට බාර දී ඇත. කෙසේ නමුත් පොලොන්නරුව ඉසිපතනාරාමය පන්සලේ දායකයන් සිව් දෙනෙකු හැර අනෙක්ත් සියලුම දායකයන් ඊට විරෝධය දක්වා ඇති අතර ඊයේ (07) ඔවුන් උද්ඝෝෂණයකද නිරත වී තිබේ.
මීට අමතරව වැලිකන්ද ප්‍රදේශයේ පන්සල් කිහිපයක සංවිධානය කර ඇති මෙවැනිම රැස්වීම්වලට එම ප්‍රදේශයේ පන්සල්වලින්ම විරෝධය මතුව ඇති අතර මෛත්‍රීගම සහ එගොඩපත්තුව යන ප්‍රදේශවල පන්සල්වල රැස්වීම්වලටද එහි දායකයන්ගේ තදබල විරෝධය එල්ල වී ඇත. ඉසිපතනාරාම පන්සලේ රැස්වීම සඳහා වෙනත් ප්‍රදේශවලින් ජනතාව ගෙන ඒමට මේ වනවිටත් සැල සුම් කර ඇතැයිද දායකයන්ගේ විරෝධය නොතකා එසේ සිදු කළහොත් ප්‍රදේශයේ ජනතාව එදින විරෝධතා පාගමනක් සංවිධානය කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර බකමුණ බොධිමලු විහාරයේ පැවැත්වීමට තිබූ රැස්වීමද එම විහාරස්ථානයේ දායකයන්ගේ විරෝධය හමුවේ අවලංගු කිරීමට එහි විහාරධිපති හිමියන් විසින් කටයුතු කර තිබේ.
[…] […]