එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහ මහමැතිවරණයට තරග වැදීම සදහා වන මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නාම යෝජනා ඉල්ලුම්පත් කැදවීමට අවනත වූ හිටපු ජනාධිපති පුත් මන්ත්රී නාමල් රාජපක්ෂ අදාළ ඉල්ලුම්පත් භාරදී ඇති බව වාර්තාවෙනව.
ඒ අනුව මෙතෙක් හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදිනවාද නැතහොත් වෙනත් පක්ෂයකින් තරගවාදිනවා ද යන්න නිශ්චිත නොමැතිව සිටින තත්වයක් තුළ නාමල් රාජපක්ෂ එය නොතකා මෙම ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම මගින් පියා අත්හැර ඇති බව දේශපාලන විශ්ලේෂකයන් කියා සිටිනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සජීවීව සම්බන්ධ වී අදහස් දැක්වූ හිටපු ජනාධිපති පුත් පා.ම නාමල් රාජපක්ෂ සදහන් කොට සිටියේ එකම පවුලේ පිරිස් දේශපාලනය තෝරාගැනීමේදී විවිධ පක්ෂ හා විවිධ කණ්ඩායම් නියෝජනය කිරීමේ අත්දැකීම් දේශපාලනයේ ඇති බවයි.
එසේම මෙතෙක් දිවයින පුරා පැවැති මහින්ද අගමැති කළ යුතුය යන ජනරැළි මාලාවට ඔහුගේ සහයෝගය නොලැබීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අතර එවැනි ගැටළුවක් තමාට පැන නැගී නොමැති බවත් එළඹෙන 12 වන දින මාතර පැවැත්වෙන රැස්වීමට සහභාගී වීම ස්ථිර නැත්තේ තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ලබාදී ඇති නියෝගය අනුව බවද සදහන් කොට සිටියේය.
Adios for Naughty Things and try to become a GOOD BOY young man.
Whatever happened wasn’t your fault.
You have been misguided.